මාරක රිය අනතුරක්.. දෙදෙනෙක් මරුට...

 


2025.12.17 වන අද දින දහවල් කාලයේ දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ පොලොන්නරුව මහියංගණය මාර්ගයේ මුවගම්මන ප්‍රදේශයේදී දෙහිඅත්තකණ්ඩිය දෙස සිට මහියංගණය දෙසට ධාවනය වූ මඟී බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු, ඔහුගේ බිරිඳ හා පිරිමි දරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා දෙහි අත්තකණ්ඩිය රෝහලට ඇතුලත් කිරීමේදී මව හා එක් දරුවෙකු මියගොස් ඇත.

මියගිය මව වයස අවුරුදු 33 ක් හා දරුවා වයස අවුරුදු 02 ක් වූ මාවනාගම, දෙහි අත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

ත්‍රීරෝද රථයේ රියදුරු සහ වයස අවුරුදු 11 ක් වන දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව රෝහලට මාරු කර යවා ඇත. මෘත ශරීර දෙහිඅත්තකණ්ඩිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දෙහිඅත්තකණ්ඩිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

1 Comments

Previous Post Next Post