සමගි ජන බලවේගය (SJB) පක්ෂය නියෝජනය කරන, ගම්පහ දිස්ත්‍රික් නගර සභාවකට අදාළ මන්ත්‍රීවරියක් සම්බන්ධ සිදුවීමක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා දැඩි අවධානයට ලක්වෙමින් පවතී.
මෙම සිදුවීම වාර්තා වන්නේ ආපදාවකින් විපතට පත් වූ ජනතාව අතර ආහාර බෙදා දීමේ අවස්ථාවකදී ය.
එහිදී, බෙදා දුන් බත් පාර්සලවල මන්ත්‍රීවරියගේ නම, දරන තනතුර මෙන්ම ඇයගේ පෞද්ගලික ජංගම දුරකථන අංකය ද මුද්‍රණය කර තිබූ බවට චෝදනා නැඟේ. මෙම තොරතුරු පැහැදිලිව දැක්වෙන බත් පාර්සල් කිහිපයක ඡායාරූප මාලාවක් දැනට අන්තර්ජාලය පුරා සංසරණය වෙමින් පවතී.
මේ පිළිබඳව ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ගෙන් කළ විමසීමකදී, ඔවුන් තහවුරු කළේ නාගරික මන්ත්‍රීවරිය විසින් ඇගේ නම, මන්ත්‍රී තනතුර සහ ජංගම දුරකථන අංකය ද ඇතුළත් කර බත් පාර්සල් බෙදා දීමක් සිදු වූ බවයි.

කවුරු දුන්නත් ඒ කෑම එක දෙන හෝටලය හෝ පුද්ගලිකවනම් ඒ නම සඳහන් කරන එක වටිනවා. ඒක දෙන කෙනාගේ වගකීමක්. ඡන්දෙ දීපු මිනිස්සු කවුද කියල මන්ත්‍රී දන්නෙත් නෑ. කාට හරි ලැබෙන්න ඇති.
ReplyDelete100 %
Deleteහරියටම හරි
ReplyDeleteබත් පැකට් campaign for cheap politics
ReplyDeleteඡන්දෙ දිනල තවම අවුරුද්දක් නෑ. මොන කැම්පේන්ද? ඔයාගේ ඔය සිතුවිල්ලයි පහත්. ඒ මනුස්සයා කෑම ටික යවල තියෙන්නේ වගකීමක් ඇතුව. මෝඩ යක්කුන්ට මේව නිව්ස්.
Deletemeke varaddak nane.election perod ekak nemene.meka hodai.aduma gane kama eke mokak hari unoth dunna kena danaganna puluwanne.responsible ekak thiyenawanae.
ReplyDeleteDoobilata harima aamarui. JVP/Maalimawe unta yanna widiyak nehene. minissu gahala ealawanawane. Karala thiyena weda walata
ReplyDeleteමොකද්ද වරද ? රතු තරුව කියලා ගහනකොට අවුලක් නෑ, වෙන එකෙක් නම ගැහුවොත් අවුල් ?
ReplyDeleteසහතික ඇත්ත. ඔක්කොම සහනාධාර රතු වල්ග තරුවෙන් හොරකන බවට නොසැහෙන්න චෝදනා සමාජයේ තියෙන නිසා ආධාර දෙන සියල්ලම මෙහෙම තමන්ගේ අනන්‍ය තාව සඳහන් කළ යුතුයි
Deleteදේශපාලන සංවිධාන පමණක් නොව ආයතන හෝ පෞද්ගලිකව දෙනු ලබන පරිත්‍යාග වලද දෙන පුද්ගලයාගේ නම/ලිපිනය/දුරකථන අංකය සඳහන් කරනවා නම් හොඳයි. එතකොට බය නැතිව කන්න බොන්න හරි පුළුවන්. අරගලය සමයේ කුමන හෝ වසක් ඉන්ජෙක්ට් කල කිරි පැකට් බෙදා දුන් සිද්ධියක් තිබුණා. දුන් කෙනෙක් සොයා ගන්න බැරි උනා.
ReplyDelete