ප්‍රභාකරන් එක්ක හැප්පුණු ඩග්ලස් දේවානන්ද අත්අඩංගුවට ගත්තේ කොටි සතුටු කරන්නද..

 


කොටි සංවිධානය පරාජය කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සමග ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස වෙනුවෙන් සටන් කළ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අත්අඩංගුවට ගත්තේ කවුරුන් සතුටු කරන්න දැයි හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ප්‍රශ්න කරයි. 

"දශක ගණනාවක් ගිනි අවි ගිනිකෙළි මැද කොටි ත්‍රස්තවාදයට ෆැසිස්ට්වාදයට එරෙහිව තම ජීවිතය 

දෙමළ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය නිදහස වෙනුවෙන් සටන් කරමින් නම වතාවක් මරණය පරාජය කරපු ශ්‍රී ලංකා රාජ්‍ය සහ ආරක්ෂක හමුදා සමග සිට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා යුද්ධය නිමා වී වසර 15කට පසු ආයුධ කෑල්ලක් අස්ථානගතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. 

මේ කවුරුන් සතුටු කරන්නද? කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සමග සිටගත් සටන්කාමී ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ සන්නද්ධ කණ්ඩායම්වලින් පළිගැනීමේ අරමුණ ඇත්තේ කාටද?

88/89 ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හරහා ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව දියත් කළ සන්නද්ධ අරගලය ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් පරාජයට පත් කිරීමෙන් පසු ආරක්ෂක හමුදා හා සිවිල් ජනතාවගෙන් පැහැර ගත් ආයුද අවුරුදු 35ක් ගතවිත් මේ දක්වා රජයට භාරදී  නැත. ආසන්න වශයෙන් එම ආයුධ ප්‍රමාණය 2233ක්..

ඒ ආයුධවලට මොකද උනේ.. කොහාටද ගියේ.. පාතාලයට ගියාද. ..විමර්ශන කෝ..?? ආණ්ඩුවේ අපහාස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානයට..!"

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

9 Comments

  1. කාදිනල්ටත් වඩා සතුටු කොටි ඩයස්පෝරාවDecember 29, 2025 at 6:20 AM

    ඒක තමයි එකම හේතුව!

    ReplyDelete
  2. නෑ මේ අත් අඩංගුවට අරන් තියෙන්නේ මාකදුරේ මදුශ්ට ආයුද දුන්නට. තොපිනන් ඉතින්

    ReplyDelete
  3. මේවා මේ කොටි සතුටු කරන්න නෙමේ මේවා කොටි ඩයස්පෝරාවෙන් ලපයට ලෑබුන නියෝග ....කොටි ඩයස්පෝරාව ඩග්ලස් එක්ක තිබෙන් කෝන්තරය තමා මේ එලියට එන්නේ .....ජෙප්පෝ කියන්නේ බුද්දාගම ලන්කාවෙන් තුරන් කරන්න කොටි ඩයස්පෝරාවට පොරොන්දු වෙච්ච තිරිසන් බල්ලෝ ජාතියක් ....

    ReplyDelete
    Replies
    1. 🤣🤣🤣🤣🤣🤣🤣🤣

      Delete
    2. කියන්න දෙයක් නැති ඩෝබිලගෙ ගොං හිනා

      Delete
  4. Jeppi Kuhakayo asking for their well deserved end ........... to hell with

    ReplyDelete
    Replies
    1. 🤣🤣🤣🤣🤣🤣

      Delete
    2. කියන්න දෙයක් නැති ඩෝබිලගෙ ගොං හිනා

      Delete
Previous Post Next Post