වත්මන් රජය කිසිදු හේතුවක් මත මාධ්‍ය මර්දනයට පෙළඹෙන්නේ නැති නමුත්, අසත්‍ය සහ විකෘති කරන ලද පුවත් ප්‍රචාරය කරන මාධ්‍ය ආයතනවලට එරෙහිව පියවර ගැනීමට රජය බැඳී සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
සමාජ මාධ්‍ය, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඇතුළු සියලු ක්ෂේත්රවලට රජය විවේචනය කිරීමටත්, එහි අඩුපාඩු පෙන්වා දීමටත් පූර්ණ නිදහස පවතින බව අමාත්‍යවරයා පැවසීය.
ඇතැම් රූපවාහිනී නාලිකා සහ සමාජ මාධ්‍ය ජාලා මගින් පතුරුවනු ලබන අසත්‍ය තොරතුරු හේතුවෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වීම, සුළි කුණාටුවෙන් පසු සිදුකෙරෙන යළි ගොඩනැංවීමේ කටයුතුවලට බාධා පැමිණීම සහ සෞඛ්‍ය ක්ෂේත්රය පිළිබඳව ජනතාව තුළ සැකයක් ඇති වීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව ඔහු සඳහන් කළේය.
මෙවැනි අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසත්, රජය මෙතෙක් නිහඬව සිටීම සම්බන්ධයෙනුත් මහජනතාව රජයට චෝදනා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
රජය මැදිහත් වන්නේ යම් පුවතක් අසත්‍ය හෝ විකෘති සහගත ලෙස පළ වූ අවස්ථාවකදී එය නිවැරදි කිරීමට පමණක් බවත්, කිසිදු අවස්ථාවක මාධ්‍ය මර්දනය රජයේ අරමුණ නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

බොලා කියන බොරු වලට විරුද්ධව පියවර ගන්නවානම් පා ගමනින් ම හඳට යන්නත් පුළුවන්.
ReplyDeleteMust take actions against NPP as a whole including the president and all MPs of NPP for telling lies
ReplyDeleteWell commented ....... actions should be taken against these pathetic hypocrites (Kuhakayo............)
Deleteඔබලා බොරු කියන තරම් හයියෝ. ඒ ගැන කියන්න වදන් නැහැ.
ReplyDeleteබොලා බොරු වපුරලා නේ බං බලයට ආවේ ඉතින් දැන් මොනවද මේ කියන්නේ?
ReplyDeleteමට එරෙහිව මම...!
ReplyDeleteKawada yako boru kiyanne: thopila neda? RW hari GR hari mewage deyak genawanam thopila boruwata mara lathoni denawa
ReplyDeleteBorinda Borissa
ReplyDeleteඅනේයියා .. ඉතින් ඉස්සෙල්ලාම action ගන්න වෙන්නේ ඔගොල්ලන්ටම විරුද්ධවනේ ..
ReplyDelete