පුද්ගලික රක්‍ෂණ සමාගමක CEO අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට..


Continental Insurance Lanka Limited නැමැති පුද්ගලික රක්ෂන සමාගමට අයුතු සහගත ලාභයක් සලසා ගැනීම සඳහා ආණ්ඩුවේ රස පරීක්ෂක කාර්යාලයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක ඩී.එච්.එල්.ඩබ්.ජයමාන්න නැමැති නිලධාරියාට රු.6,415,050.00 (රුපියල් හැටහතර ලක්ෂ පහළොස්දහස් පනහක) අල්ලස් මුදලක් නියම වශයෙන් හෝ අනියම් වශයෙන් ලබාදීමෙන් අල්ලස් ලබාදීම යන වරද සිදු කිරීම සහ රජයේ නිලධාරියෙකු වශයෙන් එම ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂකට දූෂණය නැමැති වරද සිදු කිරීමට අනුබල දීම යන චෝදනාව මත Continental Insurance Lanka Limited ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මයිලන්ආරච්චිගේ දොන් වෙන්න්සස්ලාවුස් ජෙරල්ඩ් ලාසරස් ගුණදාස යන අය 2025.12.12 වන දින පෙ.ව.9.25ට පමණ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියම වූ අතර නව්ඩ යළි ලබන 22 වනදා කැඳවීමට අධිකරණය නියම කළේය.


1 Comments

  1. ජරාම ඉන්ශුවරන්ස් එකක්

    ReplyDelete
Previous Post Next Post