කුඹුරු හෙක්ටයාර් ලක්ෂ තිස් එකක් විනාශයි.. නාමල් :: එය ලංකාවෙන් බාගයක්..- ChatGPT... අපදා වන්දිය බිලියන 465යි...

 


මෙවර සුළි කුණාටු ආපදාවෙන් කුඹුරු බිම් අක්කර ලක්ෂ තිස් එකක් විනාශ වී ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කරන ලද බව දිවයින පුවත්පත වාර්තා කරයි.

වාර්තාවේ දැක්වෙන්නේ මෙම ප‍්‍රමාණය ගණන් බලා ඇත්තේ දළ වශයෙන් බවයි. 

එලවළු ඇතුළු කෘෂි බිම් හානි වූ ප‍්‍රමාණය තවමත් ගණනය කරමින් ඇතැයිද අමාත්‍යවරයා පවසා ඇත.

කෙසේ වෙතත් වර්ග කිලෝමීටරයකට හෙක්ටයාර් සීයක් ලෙස ගණනය කළ විට මෙරට සම්පූර්ණ ශ්‍රී ලංකාවේ හෙක්ටයාර් ප්‍රමාණය හැට පණ ලක්ෂයක් පමණ වෙයි.

නාමල් කරුණාරත්න මහතාට අනුව ශ්‍රී ලංකාවෙන් අඩකට ඉතාම ආසන්න භූමි ප්‍රමාණයක කුඹුරු අක්කර ප්‍රමාණයක් විනාශ වී තිබේ. 

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය (වර්ග කිලෝමීටර් සහ හෙක්ටයාර)

මිනුම් ඒකකයභූමි ප්‍රමාණය (ආසන්න වශයෙන්)පැහැදිලි කිරීම
වර්ග කිලෝමීටර්65,610මෙය ශ්‍රී ලංකාවේ සම්පූර්ණ භූමි ප්‍රමාණය දැක්වීමට බහුලව භාවිතා වන නිල අගයයි.
හෙක්ටයාර6,561,000මෙය ඉඩම් මැනීමේදී භාවිතා කරන ඒකකයක් වන අතර, වර්ග කිලෝමීටර් අගය 100 න් ගුණ කිරීමෙන් ලබා ගනී.
ආපදා වන්දි ගෙවීම සදහා ජනාධිපතිවරයාගේ විසින් මෑතක කල ප‍්‍රකාශයෙන් පසු ඊට අදාලව නිකුත් කර ඇති චක‍්‍රලේඛය මත කුඹුරු (වී/ධාන්‍ය වගා) හෙක්ටයාර ලක්ෂ 31ක් (3,100,000 හෙක්ටයාර) සඳහා වන්දි ගෙවීමට යන මුළු වියදම රුපියල් 465,000,000,000/- (බිලියන 465.00) කි.

විස්තරයසංඛ්‍යාවඒකකයට වන්දි මුදල (උපරිමය)මුළු වියදම ගණනය කිරීමමුළු වියදම (රුපියල්)
වී, ධාන්‍ය, බඩ ඉරිඟු, ක්ෂේත්‍ර භෝග හානිහෙක්ටයාර 3,100,000රු. 150,000/-3,100,000 x 150,000465,000,000,000/-



8 Comments

  1. Newspaper is published misleading information
    Namal Should take legal action

    ReplyDelete
  2. නෝමන් පලිහවඩන නිවැරදිව වාර්තා කරා කියල විශ්වාසද

    ReplyDelete
  3. ලංකාවේ භූමියෙන් 50% කුඹුරු තියෙනවාද?. ඒවා ඔක්කොම ගංවතුර ට යට වුණාද?. මේක පට්ටපල් බොරුවක්.

    ReplyDelete
  4. රිලා ඇමති

    ReplyDelete
  5. Entire paddy field area of Sri Lanka is 1.75 million hectares.What a great liar is this fellow.

    ReplyDelete
  6. Sri Lanka's total paddy area fluctuates by season, but generally sits around 700,000 to over 800,000 hectares for cultivation.

    ReplyDelete
  7. ජෙපි අම්බරුවන්ගෙ ජන්ම ගතියනෙ ලොරි ටෝක් දෙන එක​. කොටා කිව්වෙ ගි.වො. 80 ක සුලන් බලාගාරයක් හදනව කියල​.

    ReplyDelete
  8. මෙයාට කොහොමත් ගණන් බෑ, වඳුරෝ ගැණලා කිව්වා ගානක් රටම වඳුරන්ගෙන් වැහෙන ගානට.

    ReplyDelete
Previous Post Next Post