අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 වසර සිසුන් සඳහා හඳුන්වා දුන් ඉංග්‍රීසි විෂය මොඩියුලයක අසභ්‍ය අන්තර්ගතයන් සහිත වෙබ් අඩවියක ලිපිනයක් ඇතුළත් කිරීම හෙළිදරවු කල පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසින් ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එම පැමිණිල්ල කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ අවධාරණය කළේ මෙය හුදෙක් අත්වැරදීමක් නොව, මෙරට දරුවන්ගේ අනාගතය විනාශ කිරීම සඳහා වූ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බවයි.
6 වසර ඉංග්‍රීසි විෂයට අදාළ දෙවන මොඩියුලයේ 'යාළුවන් හඳුනා ගැනීම' (Identifying Friends) යන මාතෘකාව යටතේ ලබා දී ඇති 'Body' යන සබැඳිය ඔස්සේ සෙවුම් කළ විට, සමලිංගික සේවනයට සහ අසම්මත ක්‍රියාකාරකම්වලට යොමු කරන අසභ්‍ය වෙබ් අඩවියකට ප්‍රවේශ වන බවත් පලමු වාරයට පමණක් සබැදි 41ක් එක් කර ඇති බවත් උන්වහන්සේ හෙළි කළහ.
මෙම හෙළිදරව්වත් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ වෙබ් අඩවිය අවහිර කිරීමටත්, පොත ඉල්ලා අස්කර ගැනීමටත් කටයුතු කර ඇතත්, ඒ වන විටත් විශාල හානියක් සිදුව ඇති බව උන්වහන්සේ පෙන්වා දෙති.
නීතිමය පියවර සහ වගකීම පැහැර හැරීම මෙම සිදුවීම දණ්ඩ නීති සංග්‍රහයේ 286 අ සහ 288 අ වගන්ති යටතේ ළමා අපචාරවලට අදාළ වන අපරාධමය වරදක් බව සුමංගල හිමියෝ පවසති.
ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ සිට පහළට සිටින නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිස මෙම මොඩියුල සැකසීම, සෝදුපත් බැලීම සහ අනුමත කිරීම සම්බන්ධයෙන් සෘජුව වගකිව යුතු බව උන්වහන්සේ ප්‍රකාශ කළහ. පොතේ මුල් පිටුවල නම් සඳහන් කර ඇති සියලුම නිලධාරීන්ගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළ යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරති.
පුහුණු වැඩසටහන් සහ PDF බෙදා හැරීම අමාත්‍යාංශය පොත ඉල්ලා අස්කර ගත් බව පැවසුවද, දැනටමත් දිවයින පුරා සිටින හය වසර ඉංග්‍රීසි ගුරුවරුන් මෙම මොඩියුලය ඉගැන්වීම සඳහා පුහුණු කර අවසන් බව උන්වහන්සේ හෙළි කළහ,. එමෙන්ම, අදාළ මොඩියුලවල PDF පිටපත් දැනටමත් ගුරුවරුන් සහ උපකාරක පන්ති ගුරුවරුන් අතට පත්ව ඇති බැවින්, පොත ඉල්ලා අස්කර ගැනීමෙන් පමණක් මෙම විනාශය නතර කළ නොහැකි බව උන්වහන්සේ පෙන්වා දෙති.
ජාතික ධනය විනාශ කිරීම සහ ඉල්ලීම් ලක්ෂ 5කට ආසන්න දරුවන් පිරිසක් වෙනුවෙන් මෙම පොත් මුද්‍රණය කිරීමට සහ ගුරුවරුන් පුහුණු කිරීමට රුපියල් කෝටි ගණනක මහජන මුදලක් වැය කර ඇති බවත්, මෙම අපරාධය සිදු කළ පුද්ගලයින්ගෙන් එම මුදල් අයකර ගත යුතු බවත් උන්වහන්සේ පැවසූහ.
පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් රජයෙන් ඉල්ලා සිටින්නේ අධ්‍යාපන අමාත්‍යවරියගේ සිට පහළට සිටින සියලුම වගකිවයුත්තන් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා දඬුවම් දෙන ලෙසත් කිසිදු පූර්ව නියමු ව්‍යාපෘතියකින් (Pilot Program) තොරව හදිසියේ ක්‍රියාත්මක කිරීමට යන මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම වසරකින් කල් දමන ලෙසත්ය.
මෙය රටේ අනාගත පරපුරේ සදාචාරය විනාශ කිරීමට දරන උත්සාහයක් බැවින්, නීතිමය ක්‍රියාමාර්ග මගින් යුක්තිය ඉටු කර ගැනීමට ඉහළම අධිකරණය දක්වා වුවද යාමට තමන් සූදානම් බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.
මෙව්වට කොමෙන්ට් දාල වැඩක් නෑ ඔක්කොම ඩිලීට් කරනවා.
ReplyDeleteඩෝබි කොමෙන්ට් නම් අප්පිරියයි
Delete