මහගිරිදඹේ නාය යාමක්.. ශ්‍රී පාද පිවිසුම සීමා කරන්නැයි NBRO දැනුම් දේ..


සාලිය කුමාර ගුණසේකර

ශ්‍රී පාදස්ථානයේ හැටන් පිවිසුම් මාර්ගයේ මහගිර දඹ ප්‍රදේශයේ භූ අස්ථාවරතාව පාලනය කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ලබාදී තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන තුරු, අදාළ අස්ථාවර කලාපය හරහා පිවිසීම සීමා කළයුතු බව එම සංවිධානය විසින් රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාට ලිඛිතව දැනුම්දී ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන විසින් අදාළ නිර්දේශ දිස්ත්‍රික් ලේකම්වරයාට පෙරේදා (04 වැනිදා) යොමුකර තිබේ.

ශ්‍රී පාදස්ථානයට පිවිසෙන හැටන් ප්‍රවේශ මාර්ගයේ මහගිරි දඹ ප්‍රදේශයේ ඇතිවූ නායයෑම් තත්ත්වය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් ඉකුත් 02 වැනිදා මූලික නිරීක්ෂණයක් සිදුකිරීමෙන් පසුව අදාළ නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

අස්ථාවරවීම් සිදුව ඇති කොටසේ පවතින පඩි පෙළේ හානියට පත් කොටස කොන්ක්‍රීට් හෝ ගල් බැම්මක් යොදා සකස් කළයුතු බවත්, එහිදී එහි පාදම මව් පාෂාණයට ලකනක (Dowel) මගින් සම්බන්ධ කළයුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිර්දේශ කර ඇත.

නායයෑම සිදුවූ කොටසට තවදුරටත් ජලය ගලායාම වැළැක්වීම සඳහා පඩිපෙළේ දෙපසට පිහිටි පැත්තේ පැති බැම්මක් අවම මිලිමීටර් 300ක් පමණ උසකට ඉදිකළයුතු බවද නිර්දේශ කර තිබේ.

අස්ථාවර තත්ත්වයේ ඇති පාෂාණ කොටස්වල පවතින සියලු කුස්තුර සිමෙන්ති මිශ්‍රණයක් යොදා හොඳින් වසා දැමිය යුතු බවද නිර්දේශ කර ඇත.

ප්‍රවේශ මාර්ගය හරහා තවදුරටත් සුන්බුන් ගලායාම වැළැක්වීම සඳහා එහි පහළ කලාපයේ පිහිටි මාර්ග කොටසෙහි දකුණු පසටවන්නට මිලිමීටර් 500 ක් පමණ උසැති පැති බැම්මක් ඉදිකළයුතු බවද අදාළ නිර්දේශවල සඳහන්කර ඇත.

නාය යාම ආරම්භ වූ කොටසේ පඩිපෙළට ඉහළින් වියනක් සේ රැඳී ඇති සියලු ශාක කොටස්/පඳුරු/පස් ප්‍රවේශමෙන් ඉවත් කළයුතු බවද එහි දැක්වේ.

නාය යාම සිදුව ඇති කොටසේ දෙපසේ රැඳී පවතින අස්ථායි පඳුරුද ඉවත් කළ යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිර්දේශ කරඇත.

මෙහිදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් වැඩිදුරටත් සඳහන්කර ඇත්තේ ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන තුරු දැනට පවතින තත්ත්වය යටතේ හැටන් පිවිසුම ඔස්සේ මෙම අස්ථාවර කලාපය හරහා පිවිසීම සීමා කළයුතු බවය.

එමෙන්ම,මෙම ස්ථානය රාත්‍රි කාලයේදී ආලෝකමත්ව තබා ගැනීම සහ භූමියේ ඇතිවන වෙනස්කම් සම්බන්ධව අවධානය යොමු කිරීම අනිවාර්ය බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.

මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් පසුව සාමාන්‍ය පරිදි හැටන් පිවිසුම් මාර්ගය විවෘත කළ හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන්කර තිබේ.

මෙම නිර්දේශ ඇතුළත් ලිපියේ පිටපත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ටද,සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයාටද,නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයාටද,ආරක්ෂක ලේකම්වරයාටද,යුද හමුදාපතිවරයාටද,පොලිස්පතිවරයාටද,වන සංරක්ෂක ජනරාල්වරයාටද යොමුකර ඇත.

Aruna

4 Comments

  1. අයියෝ දෙරණේ චතුරට යි දිලිත් ටයි කීව නම් කැලණියේ නයා බෝතලේකට දැම්ම වගේ සිරිපාදෙට වැටෙන වැස්ස බෝතලෙක්ට දාල ඔය ආපදාව නවත්වගන්න පුළුවන් .NBRO එක වහල දෙරණට දෙන්න ඔය වැඩ ටික

    ReplyDelete
    Replies
    1. නලින්ද හුජ්ජතිස්සDecember 5, 2025 at 10:18 AM

      ආණ්ඩුවෙ බැරි කම දෙරණ පිටින් යවපං කියලා මටත් Whatsapp messages ආවා
      කමෙන්ට් එකකට 30/- කිව්වා, මං බෑ කිව්වා
      50/- ක් වත් දෙන්න එපැයි බං , කුණු ලෝබ වීරප්පන්

      Delete
  2. A umbath palyan naya yana kandu tika allagena inna

    ReplyDelete
  3. මල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුළං රැල් පාවෙලා
    සම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා //

    මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි
    කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි //
    රත්නමාලී සෑ රදුන් මේ බඹුන් පුජා ලබයි
    මේ මහා ගල් මුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි //

    මල් සුගන්දේ ....

    රැල් නගා හෝ ගා ගලන්නේ ජාතියේ ජය පානයයි
    සිංහලේ විකුමන් කියන්නේ මේ පොළොන්නරු දේශයයි //
    දාගැබයි මහ මේඝයයි නිල්වන් ගුවන් ගැබ යාවුණේ
    ගල් කුළින් සිත්තම් වුණාදෝ මෙත් සිහිල් කරුණා ගුණේ //

    මල් සුගන්දේ ....

    මහ රජුන් තුන් සිංහලේ මෙහෙමයි එදා දස්කම් කළේ
    මේ උතුම් දහමින් තමා ලේ මස් පවා විස්කම් කළේ //
    ධීරවීරයි පූජනීයයි නෑ නිමක් ගුණ ගායනේ
    සිව් මහා දෙව්දුන් රකීවී මේ අපේ බුදු ශාසනේ //

    ReplyDelete
Previous Post Next Post