හරි උපදෙස් දෙන්න NBROට බෑ.. පිටරටින් කණ්ඩායමක් ගේනවා..- ලාල් කාත්න


 ආපදා තත්ත්වයෙන් පසුව සාමාන්‍ය ජන ජීවිතය යළි ස්ථාපිත කිරීමේ හා පාසල් නැවත ආරම්භ කිරීමේ ක්‍රියාවලියට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයවිසින් විශ්වාසනීය හා නිශ්චිත නිර්දේශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම බාධාවක් වී ඇති බව  අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරයි.

මෙම තත්ත්වය හේතුවෙන් අදාළ කටයුතු කඩිනම් කිරීම සඳහා විදේශීය තාක්ෂණික විශේෂඥ සහාය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයිද ඔහු පැවසීය.

මහනුවර දී පැවති රැස්වීමෙන් පසු මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මේ වන විට ලබා දෙන නිර්දේශ මත ක්‍රියාත්මක වුවහොත් පාසල් නැවත විවෘත කිරීමට වඩා, ජනතාව පාසල් වෙතට රැගෙන ඒමේ තත්ත්වයක් උද්ගත විය හැකි බවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කණ්ඩායම් අටක් නිරීක්ෂණ කටයුතුවල නිරත වුව ද එය ප්‍රමාණවත් නොවන බැවින්, මෙම අභියෝගාත්මක තත්ත්වයට සාර්ථකව මුහුණ දීම සඳහා ජාත්‍යන්තර සහාය අපේක්ෂා කරන බව ද ලාල්කාන්ත මහතා පැවසීය.

ආපදාවෙන් පීඩාවට පත් ජනතාව යළි පදිංචි කිරීමට සුදුසු ස්ථාන තීරණය කිරීම, ආරක්ෂක මධ්‍යස්ථානවල රැඳී සිටින ජනතාව පිළිබඳව ගන්නා තීරණ මෙන්ම පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණ ගැනීම සඳහා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් නිවැරදි හා ප්‍රායෝගික නිර්දේශ ලැබෙන තුරු බලා සිටීමට සිදු වීමෙන් යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන් ප්‍රමාද වී ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඔහු තවදුරටත් කියා සිටියේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වත්මන් නිර්දේශ අනුගමනය කරන්නේ නම්, මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විස්සම වෙනත් ප්‍රදේශයකට ගෙන යාමට සිදුවන බවකි. එබැවින් නාය යාමේ අවදානම සහිත නිශ්චිත ස්ථාන සිතියම්ගත කොට නම් කර ඉදිරිපත් කිරීම ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මූලික වගකීමක් බව ද අමාත්‍ය ලාල්කාන්ත මහතා අවධාරණය කළේය.

3 Comments

  1. මුන්ට මොකද එක පාරට හෙන තදියමක් ඇවිල්ල තියෙන්නේ නුවර නැති කරන්න? නුවරට මොනවත් උනේ නෑනේ. අනෙක පිටරටින් උපදෙස් ගන්න? කොහෙද නුවර එකක්වත් නෙවෙයිනේ. අනුරාධපුරේ එකා නුවරින් ඇවිල්ල නුවර ගැන දන්නේ නෑ. කොහෙද... මරි මෝඩයෝ ටිකක් මුන්ට දුන්නනේ.

    ReplyDelete
  2. MCC ගිවිසුමට අනුව ලංකාවේ ඉඩම් ඇමෙරිකාවට දිය,යුතුයි. මේ කරන්න යන්නේ ඒ දේම තමයි

    ReplyDelete
  3. NBRO ලොක්කො පිටරට නොව මෙරට වීශේෂඥයෝ වත් ගන්න දෙයිද?

    ReplyDelete
Previous Post Next Post