ඇල්ල ඇතුළු දිවයිනේ විවිධ සංචාරක කලාපවල සේවය කරන ස්වාධීන රියදුරන්ට එල්ල වන බිය ගැන්වීම් සහ නීතිවිරෝධී බාධා කිරීම් සම්බන්ධයෙන් PickMe සමාගම පොලිස්පතිවරයා වෙත ලිඛිතව සිය කනස්සල්ල පළ කර තිබේ.
ඩිජිටල් මොබිලිටි සොලියුෂන්ස් ලංකා පීඑල්සී (Digital Mobility Solutions Lanka PLC) ආයතනය පෙන්වා දෙන්නේ, ජංගම යෙදුම් හරහා ප්‍රවාහන සේවා සපයන රියදුරන් පිරිසක් මෑත කාලීනව පහරදීම්, දේපළ හානි සහ මාර්ග අවහිර කිරීම් වැනි සිදුවීම්වලට මුහුණ දී ඇති බවයි. මෙවැනි ඇතැම් ප්‍රචණ්ඩකාරී සිදුවීම් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද ප්‍රසිද්ධියට පත්ව තිබුණි.
පොදු මාර්ගවල කිසිදු පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට "සීමිත ප්‍රවේශ කලාප" (Exclusive Zones) ප්‍රකාශයට පත් කිරීමට නීත්‍යානුකූල බලයක් නොමැති බව පික්මී සමාගම මෙහිදී අවධාරණය කරයි. මෙවැනි අත්තනෝමතික ක්‍රියා මගින් මහජන සාමය සහ මගී සුරක්ෂිතතාව බිඳවැටෙනවා පමණක් නොව, ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රතිරූපයට ද බරපතළ හානියක් සිදුවන බව එම සමාගම පෙන්වා දෙයි.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව මගින් පැහැදිලි උපදෙස් මාලාවක් නිකුත් කරන ලෙසත්, සංවිධානාත්මක බිය ගැන්වීම් සම්බන්ධයෙන් කිසිදු දිවයින පුරා ස්ථාවර ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් එම සමාගම පොලිස්පතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

වැඩක් නෑ. දැන් බලය තියෙන අයගේ ගැත්තන්ගේ මනාපය පමණයි
ReplyDeleteමේ මිනිස්සු කියන කතාවෙ ඇත්තක් තියනවා.
ReplyDeleteපික් මී එකට වැදගත් හයර් එක විතරයි.
ඒකෙන් 22 % කමිෂන් කපා ගන්නවා.
කාර් එකට වැටෙන්න කිලෝමීටර්යකට රුපියල් 83 යි.
ඒකෙන් රියදුරාට රුපියල් 65 යි.
පෙට්‍රල් කොස්ට් වේස්ටේජ් අයින් කරාම ලාබේ කිලෝමීටර්යකට රුපියල් 25 ක් වගේ සෙට් වෙන්නෙ 10 km හයර් එකක් ගියොත් 250/= යි.
අන්තිම පාඩුයි රියදුරාට.
ඔව්.
Deleteකාර් එකේ AC දාලා සැපට යන්න පුලුවන් කිලෝමීටරයකට රුපියල් 83 යි වැටෙන්නෙ..
ඒකෙනුත් 22% කපා ගන්නවා Pick me එක.
කාර් ඩ්‍රයිවර් කිලෝමීටරයකට රුපියල් 65/ ගානේ AC ත් දාගෙන දුවන්න ඕන.
ඔය මොකුත් නැතුව පාරෙ යන ත්‍රී වීලර් එකකුත් කිලෝමීටරේකට 100/= යි.
Pick me , රියදුරන්ට මාරම පාඩුයි.මගියට පට්ටම ලාබයි.
ත්‍රී විලර් එකක ගානටත් අඩුවෙන් කාර් එකක සැපට යන්න පුලුවන්.
බස් ගාස්තුවල ගානට ත්‍රී විලර් එකක් යන්න පුලුවන්..
Do not use stupid wheels. Select cheaper one please.
ReplyDeletemost pick-me drivers(especially 3 wheel) drivers themselves are like that too. Very aggressive and rude to customers
ReplyDelete