අධිවේගියේ ට‍්‍රැෆික රියදුරන් නිසාලු.. නැති කරන්න සහාය ඉල්ලයි...- RDA

 


උත්සව සමයේ අධිවේගී මාර්ග පද්ධතිය තුළ නිර්මාණය වී ඇති රථවාහන තදබදය කළමනාකරණය කරගැනීම සඳහා රියදුරන් සක්‍රීයව දායක විය යුතු බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා ප්‍රකාශ කරයි. 

මගනැගුම මහමැදුර පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය.

නත්තල් සහ වසර අවසාන නිවාඩු සමය හේතුවෙන් අධිවේගී මාර්ග පරිහරණය කරන වාහන සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බව සංඛ්‍යාලේඛන මගින් තහවුරු වේ.

දෙසැම්බර් 17 දින දිවයින පුරා අධිවේගී මාර්ගවල ගමන් කළ සමස්ත වාහන ප්‍රමාණය 162,026 කි. මෙයින් 44,013 ක් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය භාවිත කර ඇති අතර, සීදුව පිවිසුමෙන් පමණක් වාහන 17,850 ක් පිටවී තිබේ.

දෙසැම්බර් 23 දින වාහන සංඛ්‍යාව 163,918 දක්වා ඉහළ ගොස් ඇත. එහිදී කොළඹ - කටුනායක මාර්ගයේ වාහන 48,736 ක් ගමන් කර ඇති අතර, සීදුව පිවිසුමෙන් පිටවූ වාහන සංඛ්‍යාව 18,681 කි.

පිටවීමේ දොරටු අසල පවතින තදබදය අවම කරගැනීම සඳහා රියදුරන් පහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

ගාස්තු ගෙවන කවුන්ටරය වෙත ළඟා වීමට පෙර ප්‍රවේශ පත්‍රය සහ අදාළ මුදල් හෝ කාඩ්පත් සූදානම් කර තබා ගැනීම.

මුදලින් ගෙවීමේදී හැකි සෑම විටම අදාළ නිවැරදි මුදලම (Exact amount) ලබා දීමට කටයුතු කිරීම.

කවුන්ටරයේ රාජකාරියේ නියුතු නිලධාරීන් සමඟ අනවශ්‍ය කතාබහක නිරත වීමෙන් වැළකී සිටීම.

සාමාන්‍යයෙන් වාහනයක් ගාස්තු ගෙවා පිටවීමට ගත විය යුත්තේ තත්පර 12ත් 15ත් අතර කාලයක් වුවද, රියදුරන්ගේ අප්‍රමාණවත් සූදානම හේතුවෙන් එම කාලය අනවශ්‍ය ලෙස දීර්ඝ වන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

දැනට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පමණක් ක්‍රියාත්මක වන විද්‍යුත් ගාස්තු අය කිරීමේ පද්ධතිය (ETC) භාවිත කරන රියදුරන් ඒ සඳහා වෙන් කර ඇති මංතීරුවලම ගමන් කළ යුතුය. එවැනි රියදුරන් සාමාන්‍ය මංතීරුවලට පිවිසීමෙන් තාක්ෂණික ගැටලු මෙන්ම අනවශ්‍ය පෝලිම් ද නිර්මාණය වන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සිහිපත් කර සිටියේය.

8 Comments

  1. Natanna Beri Eka Kiyannema Polawa Edai Kiyala....! Issara Un Hadapu Paarawal.... Issara Un Develop Kala Additional Lines...."Oowa Kannada Kiyala Para Sakawla Dunne Stage Wala" Mee Okkoma Ekka Thaama Driver La Weradilu?

    ReplyDelete
  2. මේ පොළිම් ඇතිවීමට හේතු කීපයක් ඇත.
    මුදල් ගෙවීමට රියදුරන්ගේ පෙර සූදානම නැති වීම. කවුන්ටරය ගාවට ගිහින් ගාන කිව්වට පස්සේ තමයි සාක්කූවට අත දාලා සල්ලි ගන්නේ.
    බොහෝ රටවල රිසිට් දෙන්නෙ නැහැ, මුදල් පමණක් දෙනව ඒව ගනනය කරන ක්‍රම හදලා තියෙන්නේ.
    සමහර රියදුරු ටිකට් එක අරගෙන ඉතුරු මුදල් කවුන්ටර් එක ගාවම සාක්කුවට දානකම් වාහනය ඉස්සරහට ගන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. යකෝ පෑලියගොඩ entranceඑකේ ටිකට් එකක් දෙනව විතරයි. සල්ලි දෙන සීන් එකක් නෑ.

      ඉස්සර කඩවත පැත්තට යන කටිටිය ටිකට් ගත්තෙ, කෙරවල පිටිය එන්ට්‍රන්ස් එකෙන්. අනිත් ඔක්කොම ටිකට් නැතිව ගියේ. මේ දෙගොල්ලොම එකතූ උනාම ලොකු පෝලිමක් එනව. මේකට එකම විසදුම පරන ව්දියටම යවන එක. නැත්නම් double the ටිකට් කවුන්ටර්ස්.

      Delete
  3. වැඩ බැරි දාසලට අනෙක් ඔක්කොම කරන දේවල් වැරදි.

    ReplyDelete
  4. 17450 ×15second=72 hours modayange danumata

    ReplyDelete
    Replies
    1. එකට තමයි counters 3-4 ක් open කරලා තියෙන්නේ .

      Delete
  5. (17450×15)÷60=72 hours lastmanta

    ReplyDelete
  6. ETC එක හැම Express Way එකකටම දාන්න. මාධ්‍ය මගින් ETC එක ගැන මිනිස්සු දැනුවත් කරන්න. GOVPAY හරහා ETC top-up කරන්න ක්‍රමයක් හදන්න. ETC භාවිතා කරන ප්‍රමානේ ඉහල යනකොට ක්‍රමානුකුලව MTC ගේට් ප්‍රමානේ අඩු කරලා ඒවා ETC බවට කන්වර්ට් කරන්න. මේවා මේ රොකට් සයන්ස් නෙමෙයි. මේ වැඩේට අවුරුද්දක් ඇති.

    ReplyDelete
Previous Post Next Post