තහවුරු නොකළ සහ නොමඟ යවන සුළු පුවත් අඛණ්ඩව ප්‍රචාරය කිරීමට එරෙහිව, හිරු මාධ්‍ය ජාලයට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොලිසිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් (TRC) ඉල්ලීමක් කර තිබේ.
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, අදාළ පුවත් වාර්තාකරණයන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ කරුණු පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ලිඛිතව දැනුවත් කර ඇති බවයි.
විකාශන බලපත්‍ර නිකුත් කිරීමේ නිසි බලධාරියා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව බැවින්, මෙම කරුණු සලකා බලා ඉදිරියේදී ගත යුතු උචිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම ලිපිය මගින් ඉල්ලා ඇත.
රජය සහ හිරු මාධ්‍ය ජාලය අතර මෑතකාලීනව මතුව ඇති මතභේදාත්මක තත්ත්වයන් හමුවේ මෙම පියවර ගෙන තිබේ. අදාළ නාලිකාව දිගින් දිගටම තහවුරු නොකළ සහ අසත්‍ය තොරතුරු ජනගත කරන බවට බලධාරීන් විසින් මීට පෙරද අවස්ථා කිහිපයකදීම චෝදනා එල්ල කර තිබුණ.
