වතු කම්කරු වැටුප් වැඩිකිරීමට ගිවිසුම් අද.. රජය 200ක් අතින් දෙයි..


වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව ගිවිසුම් ගතවීම අද (30) දින සිදු කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය නිවේදනය කරයි.

ඒ අනුව ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ මෙලෙස ගිවිසුම්ගත වන බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

2026 වර්ෂය සඳහා වූ අයවැය ඉදිරිපත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් වතු කම්කරු ප්‍රජාවගේ වැටුප රුපියල් 1,750ක් දක්වා වැඩි කිරීමට පියවර ගත්තේය.

එහිදී මූලික වැටුප රුපියල් 1,350 සිට රුපියල් 1,550ක් දක්වාත් රුපියල් 200කින් ද පැමිණීමේ දීමනාව ලෙස රුපියල් 200ක මුදලක් රජය විසින් ගෙවීමට තීරණය කරන ලදී.

ඒ අනුව වැටපු සඳහා අයවැයෙන් වෙන් කරන ලද මුදල රුපියල් මිලියන 5000ක මුදලක් වෙන් කර තිබේ.

4 Comments

  1. https://www.abc.net.au/news/2024-09-15/sri-lanka-tea-industry-at-crossroads/104331086?utm_campaign=abc_news_web&utm_content=link&utm_medium=content_shared&utm_source=abc_news_web

    ReplyDelete
  2. යකෝ ඔය කොම්පැනි ලොක්කොන්ගේ පඩි සහ වරප්‍රසාද කොච්චරද? වාහන, බංගලා, සේවකයෝ කොච්චරද? කොටි ගනං, ඒවා සත පහක් අඩු නොකර, වැඩ කරන අපේ බද්දෙන් තව බෙදාපල්ලා. ජිවිතේට රස්සාවක් කරපු නැති ආණ්ඩුවේ ගොබ්බ උන් ටිකකට තේරෙනවද අපේ අමාරුව. උන් කොම්පැනි එක්ක ඩිල් එකක් ගහගෙන, ආණ්ඩුව ගානේ සල්ලි බෙදනවා. ඩිල් එකෙන් ගානකුත් එනවා, අරුන්ගෙන් චන්ද ටිකකුත් එනවා.

    ReplyDelete
  3. මහජන මුදලින් දවසට රු. 2

    ReplyDelete
  4. මභජන මුදලින් දවසට රු. 200/- ගානේ දීලා ඒ මදිවට රටේ ඉඩම් පර්චස් 10 ගානේ දෙන්න යනවා. මුන්ගේ අම්මගේ අප්පේ බූදලයෙන්ද? චන්ද බලය ගන්න කරන අසික්කිත වැඩ. ජෙප්පන්ට හෙන හතම ගහන්න ඕනෑ.

    ReplyDelete
Previous Post Next Post