2026 දී එක් දින විදේශ විනිමය අනුපාතිකයක්..

 


2026 වසරේ දී එක් දින විදේශ විනිමය අනුපාතිකය හඳුන්වා දෙන බව මහ බැංකුව පවසයි.

මනා විනිවිදභාවයකින් යුතු විදේශ විනිමය වෙළඳපොළක් ඇති කිරීම සඳහා මේ පියවර ගන්නා බව ද මහ බැංකුව කියයි.

2026 සහ ඉදිරිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මේ බව දැක්වේ.

දේශීය විදේශ විනිමය වෙළඳපොළ සම්බන්ධයෙන් සැලකූ විට පසුගිය වසරේ දී නිවේදනය කළ පරිදි, පදනම්

එතැන් විනිමය අනුපාතිකය හඳුන්වා දීම සඳහා අවශ්‍ය මූලික කටයුතු 2025 වසර පුරා ක්‍රියාත්මක කරන ලදී.

මෙම පදනම් විනිමය අනුපාතිකය වෙළඳපොළ සහභාගිවන්නන් සඳහා මග පෙන්වීම, විචල්‍යතාව අවම කිරීමට සහාය වීම සහ නිශ්චිත දිනක දී වඩාත් තරගකාරී මිලකරණයක්

ප්‍රවර්ධනය කිරීම සිදු කරනු ඇති අතර එමගින් විදේශ විනිමය වෙළඳපොළ තුළ වඩාත් නවීකරණය වූ නිෂ්පාදන

හඳුන්වා දීමට අවස්ථාව සැලසෙනු ඇති බව ද එම වාර්තාවේ තවදුරටත් දැක්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Previous Post Next Post