කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවකට වරදකරු බවට පත්වූ හිටපු ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම් ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන සුරංජිත් සිල්වා නැමැත්තාට එරෙහිව එරට බ්‍රෝඩ්මෙඩෝස් මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරදකරු බවට තීන්දුවක් ලබා දී තිබේ.
51 හැවිරිදි වියේ පසුවන සුරංජිත් සිල්වා නමැත්තා, ඇයගේ කැමැත්තකින් තොරව ඉණ ප්‍රදේශයෙන් අල්ලා ගෙල ප්‍රදේශය සිපගනිමින් ලිංගික අතවරයක් සිදුකළ බවට චෝදනා එල්ල වී තිබිණි.
සන්බරි ප්‍රදේශයේදී සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් නිර්දෝෂී බව පවසමින් ඔහු දීර්ඝ නඩු විභාගයක් ඉල්ලා සිටියද, ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලූ අධිකරණය ඔහු අදාළ වරද සිදුකර ඇති බවට තීන්දු කළේය.
අධිකරණය හමුවේ කියවන ලද වින්දිත කාන්තාවගේ ප්‍රකාශයේ දැක්වුණේ, මෙම අනපේක්ෂිත සිදුවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට, අනාරක්ෂිතභාවයට සහ මානසික කම්පනයට පත්වූ බවයි. "එය මගේ පෞද්ගලිකත්වයට සහ සීමාවන්ට එල්ල වූ සෘජු ආක්‍රමණයක්. මා කිසිසේත් කැමති නොවූ හෝ අනුමැතිය නොදුන් දෙයක්. යළි සාමාන්‍ය ජීවිතයට හුරුවීමට මට මාස ගණනාවක් ගතවුණා," යැයි ඇය සිය ප්‍රකාශය මඟින් සඳහන් කර තිබිණි.
සුරංජිත් සිල්වා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඩැනියෙල් සාලා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙය ඔහුගේ "තීරණ ගැනීමේදී සිදුවූ එක්තරා අතපසුවීමක් හෝ දුර්වලතාවක්" බවයි. තවද ඔහු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙකු වන බැවින්, මෙම වරදකරු වීම ඔහුගේ ව්‍යාපාරික කටයුතුවලට සහ වීසා තත්ත්වයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවත්, ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, පොලිසිය ඊට දැඩි විරෝධය පළ කළාය. ඇය පෙන්වා දුන්නේ වින්දිත කාන්තාව අසරණ තත්ත්වයක පසුවූ බවත්, සුරංජිත් සිල්වා සිය වරද පිළිගැනීමෙන් වැළකී නඩු විභාගයකට යොමුවීම හරහා වින්දිත කාන්තාවට අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් යළිත් පීඩාවට පත්වීමට සිදුවූ බවත්ය. එමඟින් විත්තිකරු තුළ කිසිදු පසුතැවීමක් නොමැති බව පැහැදිලි වන බවද ඇය අවධාරණය කළාය.
ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්, විත්තිකරුට දඬුවම් නියම කිරීමට පෙර ප්‍රජා විශෝධන නියෝගයක් සඳහා වන ඇගයීම් වාර්තාවක් කැඳවීමට නියෝග කළ අතර, අවසන් දඬුවම නියම කිරීම ඔක්තෝබර් 26 වන දිනට නියම කළාය.
Former Sri Lankan Cricketer Convicted for Sexual Assault in Australia
In a significant legal development, Suranjith Silva, a former Sri Lankan ‘A’ team cricketer now coaching in Melbourne, has been found guilty of sexual assault by the Broadmeadows Magistrates' Court in Australia.
The 51-year-old Silva was accused of committing the assault without the consent of the victim in the Glenroy area, a claim that has resulted in his conviction.
Despite pleading not guilty and requesting a lengthy trial to prove his innocence, the court determined, after reviewing the evidence presented, that he had indeed committed the offense.
In her testimony read in court, the victim expressed the severe trauma and psychological distress she suffered from the incident. "This was a direct violation of my privacy and boundaries. It was something I did not consent to or want. It took me months to return to a normal life," she stated.
Representing Silva, lawyer Daniel Sala argued in court that the incident was merely a "momentary lapse or weakness" on his client's part. He highlighted that as a permanent resident in Australia, this conviction could severely impact Silva's professional endeavors and visa status, urging the court to consider this when determining sentencing.
However, the police countered this argument strongly, emphasizing that the victim had been in a vulnerable position and that Silva’s refusal to admit guilt and his decision to pursue a trial had subjected her to further distress. The police underlined that there should be no leniency granted to the perpetrator.
After considering all presented evidence, the magistrate ordered a pre-sentence report to evaluate community service orders before finalizing the sentence, which is set to be announced on October 26.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Manasika leddu godai
ReplyDelete