මෑතකදී සමාජ මාධ්ය ජාලා ඔස්සේ කතාබහට ලක්වෙමින් ජනප්රියත්වයට පත් ‘යක්ෂ රාජ වජිරපාණි’ නම් ආන්දෝලනාත්මක පද්ය නිර්මාණය සම්බන්ධයෙන් එහි රචක හිමියන් විසින් විශේෂ අනාවරණයක් සිදු කර තිබේ.
දැනට සමාජගතව ඇත්තේ එම සමස්ත නිර්මාණ ව්යාපෘතියේ එක් අදියරක් පමණක් බවත්, ඉදිරියේදී එහි තවත් ප්රබල කොටස් පහක් එළිදැක්වීමට සැලසුම් කර ඇති බවත් උන්වහන්සේ සඳහන් කරති.
යූටියුබ් නාලිකාවක පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මෙම කරුණු අනාවරණය කළහ.
එම නිර්මාණය බිහිවීමේ පසුබිම පැහැදිලි කළ උන්වහන්සේ, බන්ධනාගාරගතව සිටි පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි ඇඳුමෙන් සරසා අධිකරණය වෙත රැගෙන ඒමේ සිදුවීම දැකීමෙන් මහත් සංවේගයට පත් වූ බව පැවසූහ.
ඉන් අනතුරුව රට, ජාතිය සහ ශාසනය පිළිබඳ හැඟීමක් ඇති පිරිසක් සමඟ පැවති දීර්ඝ කතිකාවක ප්රතිඵලයක් ලෙස එම හැඟීම් පාදක කරගනිමින් මෙම පද්ය පංතිය රචනා වූ බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
මෙහි අන්තර්ගතය පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, තේරවාදී මෙන්ම මහායාන බුදුදහමේ ද සඳහන් වන ‘වජ්රපාණී’ සංකල්පය මෙයට යොදාගත් බවයි.
විශේෂයෙන්ම සච්චක සූත්රයේදී සච්චක පරාජය භාර නොගත් අවස්ථාවේ බුදුරජාණන් වහන්සේට උපකාර පිණිස ශක්ර දේවේන්ද්රයා වජ්රපාණී වේශයෙන් පෙනී සිටි සිද්ධිය මීට මූලික පදනම සැපයූ බව උන්වහන්සේ විස්තර කළහ.
ඇතැම් පාර්ශ්ව මෙය ‘වස් කවියක්’ ලෙස හඳුන්වමින් නොසන්සුන් වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ උන්වහන්සේ, මෙම නිර්මාණයෙන් කිසිවෙකු හෝ කලබලයට පත්වන්නේ නම් ඒ තුළින් ප්රකට වන්නේ ‘පුහුල් හොරා කරෙන් දැනේ’ යන න්යාය අනුව ඔවුන්ගේම හෘද සාක්ෂියේ පවතින වරදකාරීත්වය පමණක් බවත්, චීවරයට නිගා කරමින් සහ බොරුවෙන් බලයට පැමිණ කටයුතු කරන පාර්ශ්වයන්ට එරෙහිව නැඟුණු සාධාරණ හඬක් මෙහි අන්තර්ගත බවත් පැවසූහ.
එමෙන්ම, මෙම නිර්මාණයේ සංගීත නිෂ්පාදනය සහ සමාජගත කිරීම පිටුපස සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න සිටින්නේදැයි මාධ්යවේදියා විමසූ අවස්ථාවේදී උන්වහන්සේ ඍජු පිළිතුරක් ලබා නොදුන් නමුත්, ඉරාජ් යනු රට වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකළ අයෙකු බවත්, ඒ ගැන විමසුවහොත් පිළිතුරු ලබාගත හැකි බවත් සඳහන් කරමින් ඊට ඉරාජ්ගේ සබඳතාවක් පවතින බවට ඉඟියක් පළ කළහ.
දැනට සමාජ මාධ්ය ඔස්සේ ප්රචාරය වී ඇත්තේ සමස්ත නිර්මාණයේ මතුපිට කොටසක්’ (Iceberg) බඳු ඉතා සුළු ප්රතිශතයක් පමණක් බව අවධාරණය කළ උන්වහන්සේ, ඉදිරියේදී නිකුත් වීමට නියමිත ඉතිරි කොටස් පහ හරහා සමාජය තුළ දැවැන්ත පිබිදීමක් සහ විප්ලවීය වෙනසක් අපේක්ෂා කරන බව වැඩිදුරටත් කියා සිටියහ.
Creators of Controversial ‘Yaksha Raja Vajirapani’ Reveal Future Plans for the Project
The latest buzz surrounding the provocative composition ‘Yaksha Raja Vajirapani’ has captured considerable attention on social media, prompting its creators to share some important updates. They declared that what has been shared to date is merely one phase of the overall project, with plans to unveil an additional five impactful segments in the future.
During a special discussion on a popular YouTube channel, the creators detailed the inspirations behind their work. They expressed their deep emotions after witnessing the incident where imprisoned monk Galagodaatte Gnanasara was brought to court, stripped of his robes.
This episode stirred a profound sense of nationalism and the need for reform among a segment of the population, which led to extensive dialogues and ultimately inspired the writing of this poetic series.
The creators explained that the content of their work draws from both selective and Mahayana Buddhist concepts, particularly referencing the notion of ‘Vajrapani’. They highlighted a pivotal moment described in the Sutta, where the deity Sakra takes on a Vajrapani form to assist the Buddha, thus grounding their narrative in significant Buddhist lore.
Addressing some dissenting views, the creators elaborated that if anyone feels unsettled by their work—often referred to as a ‘vass kavi’ (a term for a poem with a specific tone)—it reflects their own inner guilt, encapsulated by the adage ‘the trickster feels guilty’. They emphasized that their composition serves as a justified voice against those who rise to power deceitfully and exploit the sacred.
When questioned about the musical production and dissemination of this project, particularly the involvement of musician Iraj Weerarathne, the creators remained somewhat coy. They acknowledged that Iraj has made significant contributions for the country but did not provide specific details, only hinting at a collaborative relationship.
Noting that the content currently circulating represents just a mere fraction—comparable to the tip of an iceberg—of the entire project, they conveyed expectations for a monumental awakening and revolutionary change within society through the upcoming segments.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
