අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් සිදුකළ බව කියන "වනචාරියා" ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ, අදාළ ප්‍රකාශය මගින් කිසිදු පුද්ගලයෙකු හෝ ස්වාමීන් වහන්සේ නමක් විශේෂයෙන් නම් කර නොමැති බවයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අමාත්‍ය ලාල්කාන්ත මහතා මිහින්තලේ නායක හිමියන්ට "වනචාරියා" යනුවෙන් ප්‍රසිද්ධියේ අපහාස කළ බවටත්, රජය එය අනුමත කරන්නේද යන්නත් මෙහිදී මාධ්‍යවේදියා විමසා සිටියේය.
ඊට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස මහතා මෙසේ පැවසීය.
"ලාල්කාන්ත ඇමතිතුමාවත් මමවත් මේ චෝදනාව කාටවත් කරලා නැහැ. එතුමාගේ ගම සහ ආසනය වන මිහින්තලේ 75,000ක් පමණ ඡන්දදායකයන් ඉන්නවා. ඒ පිරිස අතරින් කවුරු වනචාරියා වෙනවද කියලා මම දන්නේ නැහැ. ඔබ දන්නවා නම් ඔබ තමයි කියන්න ඕනේ මෙයාටයි කිව්වේ කියලා"
එම ප්‍රකාශය සම්බන්ධයෙන් මහා සංඝරත්නය දක්වන විරෝධය පිළිබඳව විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා කියා සිටියේ, යම් හෙයකින් එම ප්‍රකාශය තමන්ට සිදුකළ බව හැඟෙන අයෙක් සිටී නම් ඒ සම්බන්ධයෙන් නඩු පැවරිය හැකි බවයි.
ලාල්කාන්ත මහතා කිසිදු අවස්ථාවක මේ පුද්ගලයා යැයි සඳහන් කර නොමැති බවද ඔහු අවධාරණය කළේය.
අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ නිල ෆේස්බුක් පිටුවෙහි "තවත් වනචාරීන් දුටුවෙමි" යනුවෙන් පළ කර ඇති සටහනක් පිළිබඳවද මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළහ.
ඊට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ 75,000ක් පමණ පිරිසක් වෙසෙන ආසනයක පුද්ගලයෙකු ගැන අමාත්‍යවරයා යම් අදහසක් සිතේ තබාගෙන සිටින්නට ඇති බවත්, එය වෙනත් අයෙකු ලෙස වරදවා වටහා නොගත යුතු බවත්ය

නලින්ද සර් හරියටම කියල තියෙනවා.
ReplyDeleteඑක්කො ලාලා වනචාරියා නැත්නම් ලාලගේ පියා තමා වනචාරියා
පාහරයා 🤮😡 මූ කියපු, කියන මුසාවාද වල හැටියට නිසි දඬුවම් වැඩි ඈතක නෑ 🤮
ReplyDeleteAnother baboon is talking as usual.Jeppo are wild goons their behaviour is worse than animals.
ReplyDeleteඅනුර කුමාර---මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි
ReplyDeleteමිහින්තලේ හාමුදුරුවෝ--- වනචාරියා
ජවිපෙ ක්‍රමය
ඕකම තමා
අර 68ලක්ෂෙට වෙන්නෙ මොකද දෙන නම්බු නාමය කියලා බලන් ඉමු.
මේ ඉන්නේ අනිත් වනචාරී වනචරයා
ReplyDeleteමේ රට අද පාලනය කරන්නේ බොහොම ප්‍රාථමික දැනුමක් නැති බොරු කාරයො පිරිසක් ඒවගේම ප්රජාතන්ත්ර වාදය අමු අමුවේ උල්ලංගනය කරන පිරිසක් වහාම උද්ඝෝෂණ ආරම්භ නොකලොත් ඉදිරියේ කට හොල්ලන්න ලැබෙන්නේ නෑ ඒවගේම මේ උද්ඝෝෂණ බොහොම සාමකාමී විදියට කළයුතුයි ඒවගේම සියලුම බටහිර රටවල් දැනුවත් කළයුතුයි
ReplyDeleteme kalakanniya chande dipu minissuntane wanachari kiyanne munta chande dunna un dan wanacharima tamai lalage redi hodana lolla majja prakasaka wanachariya.
ReplyDelete