78 වන නිදහස් දිනය හුදු සැමරුමකින් ඔබ්බට ගොස් අනාගතය ගොඩනැගීමේ දැවැන්ත වැඩපිළිවෙලක් යටතේ සිදුකරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ එච් එම් එච් අබේරත්න මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ 78 වන ජාතික නිදහස් දින සැමරුම සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
ඒ වෙනුවෙන් දැවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයිද Rebuilding Sri Lanka වැඩසටහනද ඒ තුළ පවතින බවද සඳහන් කළ අමාත්‍යවරයා මේ සදහා ජාතික සහ ජාත්‍යන්තර සහයෝගය ලැබෙමින් පවතින බවද අවධාරණය කළේය.
78 වන නිදහස් දිනය මෙම වර්ෂයේත් අභිමානවත්ව සැමරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇතැයිද මෙවර නිදහස් සැමරුම ඉතිහාසයේ පෙර පැවති අවස්ථා වලට වඩා සුවිශේෂී සහ අභියෝගාත්මක අවස්ථාවක් බවද සඳහන් කළේය.
එනම් සැබෑ නිදහසක් අත්කර ගැනීමට බහුවිධ ප්‍රෙව්ශයකින් යුත් යම් වැඩපිළිවෙලක් දියත් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
මෙවර තේමාව ගොඩනගමු ශ්‍රී ලංකා බව පැවසූ අමාත්‍යවරයා මෑතකදී රටතුළ ඇතිවූ ආපදාව හේතුවෙන් මෙවැනි තේමාවක් යොදාගත් බවද අවධාරණය කළේය.
ඉතිහාසයේ මෙරටට වරින් වර විදෙස් රට වලින් සිදුකළ ආක්‍රමණ සහ ඒවායින් රට බේරා ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ජනතාව පිළිබඳව සිහිපත් කළ අමාත්‍යවරයා ඔවුන්ගේ ජීවිත පරිත්යාගකිරීම් සහ කැපකිරීම්වල ප්‍රතිඵලයක් ලෙස 1948 වසරේ මෙරටට නිදහස ලබාගැනීමට හැකියාවක් ලැබුණු බවද පැවසුවේය.
ඒ වෙනුවෙන් කැපකිරීම් කළ ජීවිත පරිත්‍යාග කළ සියලු දෙනාට අදාළ ගෞරවය බුහුමන පුද කරමින්ම 78 වන නිදහස් සමරුවේදී තවත් සුවිශේෂී වැඩපිළිවෙලක් ඇරඹීමට සිදුව ඇතැයිද පැවසුවේය.
මෙවර නිදහස් දිනයේ සම්පූර්ණ අපේක්ෂාව වනුයේ බිඳ වැටුණු සියල්ල නැවත නගාසිටුවමින් මෙරට ජනතාවට ආර්ථික වශයෙන් සහ දේශපාලනිකව ශක්තිමත් ප්‍රජාවක් ලෙස ජීවත් වීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම බවද පැවසුවේය.
78 වන නිදහස් සමරුව හුදු උත්සවයක් බවට පත්කර නොගනිමින් අනාගතවාදී දැක්මකින් අනාගතය ගොඩනැගීමට මෙන්ම වඩා යහපත් රටක් නිර්මාණය කරගැනීමටත් හොද ආර්ථිකයක් නිර්මාණය කරගනිමින් එහි ප්රතිලාභ ජනතාවට ගලාගෙන යා හැකි රටක් නිර්මාණය කරගැනීමටද මෙම අවස්ථාව පාදක කරගනිමු යැයි රජය වශයෙන් ඉල්ලා සිටින බවද වැඩිදුරටත් පැවසුවේය.

උඹලගෙ දැවැන්ත වැඩ ඔක්කොම හෝඩියේ පංතියේ පොඩ්ඩො කරන ඒවාට සමානයි. කන්දක් විලිලා මී බෙට්ටක් දානවා වගේ තැටමිල්ල විතරයි ප්‍රතිපල බිංදුවයි.
ReplyDeletesirama kathawa..kohomath loku loku wada karanna giyoth hanawama thamai.a nisa hondama de thamai walikotta walin bammak gahagena, pare walk wage wahagena ,tap ekak open karala,lat ekak open karanawa wage podi wada tikak karan inna eka.
Deleteමුන් නිදහස් දීනයටත් කෙලින්න යන්නේ
ReplyDeleteAiyo jeppo you all are bunch of jokers. Dont do too much ok. I think you all have no capacity.
ReplyDelete