කුණාටු ආධාර ගිණුමට මිලියන 9.5ක් ලැබුනා..- මුදල් ලේකම් !! හානිය මිලියන 4000යි..- ලෝක බැංකුව

 


සුළි කුණාටුවෙන් පීඩාවට පත් මෙරට යටිතල පහසුකම් හා ජනජීවිතය යළි ගොඩනැංවීම වෙනුවෙන් ක්‍රියාත්මක ‘Rebuilding Sri Lanka’ ව්‍යාපෘතිය සඳහා මේ වන විට රුපියල් බිලියන 8.5 කට අධික මූල්‍ය දායකත්වයක් ලැබී තිබේ.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේ අද (23) දින වන විට වාර්තා වී ඇති මෙම අරමුදල් ප්‍රමාණයට මෙරට පරිත්‍යාගශීලීන් මෙන්ම විදේශයන්හි වෙසෙන ලාංකිකයන් සහ විවිධ සංවිධාන ලබාදුන් ආධාර ද ඇතුළත් වන බවයි.

සමස්ත ආධාර මුදලට ඇතුළත් වන විදේශීය මූල්‍ය දායකත්වය අමෙරිකානු ඩොලර් මිලියන 9.49ක් ලෙස සටහන් වන බව ද හෙතෙම වැඩිදුරටත් අනාවරණය කළේය.

"මෙම වැඩපිළිවෙල ආරම්භකළ දවසේ සිට අද වෙනකන් රුපියල් වලින් ලැබුණු මුදල් ප්‍රමාණය, දේශීය පුරවැසියන්ගෙන්, ව්‍යාපාරිකයන්ගෙන් ලැබුණු මුදල් ප්‍රමාණය මෙන්ම විදේශ රට වලින් අපට ලැබුණු මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් තොරතුරු අපි ලග තියනවා. භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන ලද තොරතුරු අනුව මේ දක්වා ලැබුණු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 8.5 සීමාව ඉක්මවා ගිහින් තියනවා. එම ලැබුණු මුදල් වල සමස්ථ වටනාකම එම මුදල තුළ ඇතුළත් වනවා.

මේ සඳහා විදේශ මුදල් වලින් ඉහළ මුදල් වල අන්තර්ගත වෙලා තියන ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 9.49 ඉක්මවා ගිහින් තියනවා."

මෑතකදී ලෝක බැංකුව සදහන් කලේ ශ‍්‍රී ලංකාවට සුළි කුණාටුවෙන් ඩොලර් මිලියන 4000 ඉක්මවූ හානියක් සිදුව ඇති බවය.

1 Comments

  1. මම දැක්ක මූණු පොතේ පිට රට ඩෝබියෝ ඒ දවස්වල ආණ්ඩුවේ අකවුන්ට් හෙව්වා මාසෙට $500 ගානේ දාන්න ඕන කියල. උන් කොච්චර දැම්මද දන්නේ නෑ නේද?

    ReplyDelete
Previous Post Next Post