ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 දෙසැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.
ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2025 දෙසැම්බර් මාසය සඳහා 2.1%ක් ලෙස වාර්තා වී ඇත. එය 2025 නොවැම්බර් මාසය සඳහාද 2.1% ක් ලෙස වාර්තා වී තිබුණි.
2025 දෙසැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 3.0% ක් වන අතර 2025 නොවැම්බර් මාසයේ දී එය වාර්තා වුයේද 3.0% ක් ලෙසයි.
එමෙන්ම, 2025 දෙසැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 1.8% ක් දක්වා වැඩි වී ඇති අතර එය 2025 නොවැම්බර් මාසයේ දී 1.7% ක් ලෙස වාර්තා විය.
