අර්බුදය විසදන්න ලෝක ආදාර සමුළුවක් පවත්වනවා.. ලෝකෙ රටවල් අපට ආධාර දෙනවා...

 


සකල අගතීන්ගේ තෝතැන්නක් බවට පත්ව තිබූ රටක් භාරගත් බවත්, එම අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා ලබන මාසයේදී විශේෂ ආධාර සමුළුවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා ප්‍රකාශ කළේය. 

එම සමුළුවේදී ලෝකයේ බොහෝ රටවල් ශ්‍රී ලංකාවට උදව් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔහු සඳහන් කළේය.

රටේ පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, පැටලිච්ච නූල් බෝලයක් හීමින් සීරුවේ ලිහන්නාක් මෙන් ඉතා කල්පනාකාරීව රටේ ප්‍රශ්න විසඳමින් සිටින බවයි. 

2025 වසර තුළ දැවැන්ත බර අඩි තබමින් යෝධ ගමනක් යාමට අවශ්‍ය ශක්තිය ගොඩනගා ගත් බවත්, එම නිසා 2026 වසර වන විට රට 2025 ට වඩා ගව් ගාණක් ඉදිරියෙන් පවතිනු ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

හේවගේ මහතා පැවසුවේ, මීට පෙර පැවති දේශපාලන මඩගොරුව දැන් මල් විලක් බවට පත් කර අවසන් බවයි. 

එම මල් විල තුළ තවදුරටත් "නිල්මැස්සන්ට" ඉඩක් නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

5 Comments

  1. කොටහලු මගුල් ගෙවල් ටිකක් කරලා ගානක් එකතු කරගත්තොත් මොකද

    ReplyDelete
  2. වැඩේ කරන්න, hanna එපා.

    ReplyDelete
  3. මුන්ට තියෙන්නෙ කටවල් විතරයි. රනිල් කිසිම සද්දයක් නැතුව ඛින්දුවට බැහැල තිබුණ විදේශ සංචිතය අවුරුදු දෙකක් ඇතුලත ඩොලර් බිලියන 6.0 ට ගෙනාවා. මුන් ආවට පස්සෙ ආර්ථිකය එක තැන පල්වෙනවා. රනිල් බලයේ හිටියා නම් අද වෙනකොට විදේශ සංචිතය ඩොලර් බිලියන 8.5 විතර වෙනවා.

    ReplyDelete
  4. ආ.... දාර සමුළුවක්

    ReplyDelete
  5. ඇක්චුඅලි. හූ ස් ගොන ඇඩ්රස් ද සමිටි ඉන් ඉංග්ලිෂ්. අඳුන් ඊස් ද බෙස්ට් පර්සන්.

    ReplyDelete
Previous Post Next Post