අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ විනාඩි පහක් අකුලයි.. ඉසුරුපාය ආරක්‍ෂාකාරී පසුබැසීමක.. මැදියම් රැයේ නිවේදනයක්...

 


රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැලකිල්ලට ගනිමින්, පාසල් පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත් වන තුරු 2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට මෙම අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත.

ඒ අනුව,

* 2026 වසර තුළ 5 - 13 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙ.ව 7.30 - ප.ව 1.30 ලෙස නොවෙනස් ව පවතියි.

* රජයේ, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් 2026 වර්ෂයේ පළමු වාරය සඳහා ජනවාරි 5 දින ආරම්භ වීමට නියමිතය.

* 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දිනකට කාලච්ඡේද සංඛ්‍යාව 7 කි.

* එක් කාලච්ඡේදයක් සඳහා මිනිත්තු 45 ක් වෙන් කෙරේ.

* අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 1 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සඳහා 2026 වසරේදී ක්‍රියාත්මක වේ.

*අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ 6 ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු විධිමත් ලෙස, 2026 ජනවාරි 21 වන දින ආරම්භ වීමට නියමිත ය.

* 1 ශ්‍රේණිය සඳහා දරුවන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය 2026 ජනවාරි 5 වන දින ආරම්භ වන අතර විධිමත් ලෙස අධ්‍යයන කටයුතු ආරම්භ වන්නේ 2026 ජනවාරි 29 වන දින වේ.

* 1 ශ්‍රේණියට අදාළ ක්‍රියාකාරකම් පොත් සහ 6 ශ්‍රේණියට අදාළ ඉගෙනුම් මොඩියුල එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ වීමට පෙර සිසුන්ට ලබා දී අවසන් කිරීමට කටයුතු සළසා ඇත.

* අනෙකුත් ශ්‍රේණි සඳහා අවශ්‍ය පෙළ පොත් මේ වන විට බෙදා අවසන් කර ඇත.

* 2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස 2026 ජනවාරි 12 සිට 20 වන දින දක්වා පැවැත්වීමට නියමිත ය.

* මේ සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක චක්‍රලේඛය 2026 ජනවාරි 2 වන දින නිකුත් කෙරේ.

Previous Post Next Post