හරිනි-හදුන් ගිවිසුමක.. පාසල් ලමුන්ට නොමිලේ සපත්තු...


දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා ලබාදෙන වවුචර වෙනුවට ප්‍රමිතියෙන් යුතු දේශීයව නිෂ්පාදිත පාසල් පාවහන් ලබාදීම වෙනුවෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය සහ දේශිය පාවහන් නිෂ්පාදන සමාගම් 9ක් අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම අද 2026.01.01 දින අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන්  අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරුණි.

මෙම නියමු ව්‍යාපෘතිය බස්නාහිර හා දකුණු පළාතේ පාසල් 1266 ක පාසල් මෙම නියමු ව්‍යාපෘතිය බස්නාහිර හා දකුණු පළාතේ පාසල් 1302ක පාසල් ළමුන් 150521 ක්,   පිරිවෙන් 354ක ගිහි පැවිදි  සිසුන් සහ සිල් මාතාවන් 12146 සඳහා ක්‍රියාත්මක වන අතර, මෙය ක්‍රියාත්මක කිරීමෙන් වසරක වගකීමක් සහිත ප්‍රමිතියෙන් යුතු පාවහන් ලබා දීමටත් එක් පාවහන් යුගලක් සඳහා රුපියල් 2100.00 ක මුදලක් පමණක් ලබා ගැනීමටත්, දේශීය පාවහන් නිෂ්පාදන සමාගම් එකඟ වූ අතර ඒ මගින් රුපියල් මිලියන 140කට ආසන්න මුදලක් ඉතිරිකර ගැනීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය සඳහා සැපයුම්කරුවන් තේරීමේදී කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි දේශීය පාවහන් නිෂ්පාදකයන් පමණක් තෝරාගත් අතර, පාවහන් නිෂ්පාදකයන් තෝරාගත් පාසල්වලට පැමිණ පාසල් ළමුන්ට ප්‍රමාණයෙන් ගැලපෙන පාවහන් ලබාදීමට එකඟ විය. 

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය,  කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා  ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ දේශිය පාවහන් නිෂ්පාදකයන් එක්ව සිටියහ.

4 Comments

  1. කුනුහර්ප පොත වහාම විසිකරනු.

    ReplyDelete
  2. හලිනිට තවත් දේවල් කොරන්න පුළුවන්නෙ පොඩි ළමයින්ට

    ReplyDelete
  3. දැන් ඉතින් සපත්තු කඩ කාරයන් ඇල්ලට ගිහිල්ලා උද්ගෝෂණය කරයි අපේ බිස්නස් නැතිවෙනවා කියලා. ගිනිපොලි කාරයොත් බැංකු වලින් අඩු පොලියට නය දෙන එක නවත්තන්න කියලා පාරට බහි.

    ReplyDelete
  4. දරුවන්ට වල් වැඩ උගන්නන අතරේ සපත්තු බෙදනවා. මූසල ගෑනි

    ReplyDelete
Previous Post Next Post