අසභ්‍ය වෙබ් අඩවියක් නිසා හෝ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ නැවතීම ලොකු දෙයක්...

 


අසභ්‍ය වෙබ් අඩවියක් සම්බන්ධයෙන් මතු වූ ගැටලුව හේතුවෙන් හෝ මාලිමා රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අතරමග නතර නොවන්නට, මීට වඩා භයානක සමාජ අර්බුදයක් නිර්මාණය වීමට ඉඩ තිබූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි. 

ඒ මහතා මේ බව අවධාරණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ රජය විසින් යෝජනා කළ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අතිශය අවිධිමත් සහ අසම්පූර්ණ එකක් බවයි. 

අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තාවකාලිකව නතර කරන බවට කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා කළ ප්‍රකාශය පිළිබඳව ද හිටපු මන්ත්‍රීවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.

කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළ පරිදි මෙම ප්‍රතිසංස්කරණ මූලික කුලුණු පහක් මත පදනම් වූයේ නම්, රජය එම කුලුණු නිසි ලෙස අනුගමනය කළේද යන්න පිළිබඳව එදිරිමාන්න මහතා ප්‍රශ්න කර සිටියි. 

මෙම නව ප්‍රතිසංස්කරණ හරහා අන්තර්ජාල භාවිතය සඳහා සිසුන් පෙළඹවීමක් පවතින නමුත්, ඊට අදාළ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනයක් රජය විසින් සිදු කර තිබේද යන්න ගැටලු සහගත බව හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එසේම, 'මහජනතාව දැනුවත් කිරීම සහ ප්‍රවර්ධනය' යන කුලුණ රජය විසින් මුළුමනින්ම අමතක කර ඇති බවත්, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා "කවුරු විරුද්ධ වුවත් මෙය සිදු කරනවා" යන ස්ථාවරයක සිටිමින් කටයුතු කිරීම තුළින් රජයේ උද්දච්චකම පෙන්නුම් කරන බවත් ඒ මහතා චෝදනා කළේය. 

පාර්ලිමේන්තු බලයට වඩා මහජන බලය ශක්තිමත් බව වර්තමාන ලෝක දේශපාලන ප්‍රවණතා අනුව රජය තේරුම් ගත යුතු බව ද හිටපු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය

4 Comments

  1. Bath witharakma kana..... gawayek ,, never develop this country under these idiots

    ReplyDelete
  2. these people know that the majority is just blindly flow what media deliver to the public as truth. Thus these politicians freely share most of the time , negative or false information to the public just to be survival of their politics and never ever thin about the county or the future generation of the country. very sad that the most yesterday needed reforms further extended. country will pay the price for the same.

    ReplyDelete
  3. මූ සංජීව එදිරිමාන්න නෙමේ අයිස් පදිරිමාන්න. කට ඇරියොත් ඡන්ද 25-30ක් ඉවරයි. තියෙන්නෙත් 125 ක් විතර මුං ඔක්කොටම.

    ReplyDelete
Previous Post Next Post