නායයැමේ අවධානමෙන් වසා දමා පාසලක් යලි අරින්න කියයි...

 


නායයෑමේ අවධානමක් නිසා මාස 02ට ආසන්න කාලයක් වසා දමා තිබූ නාවලපිටිය අනුරුද්ධ කුමාර ප්‍රාථමික විදුහලේ අධ්‍යන කටයුතු යලි ආරම්භ කිරිමට අවශ්‍ය නිර්දේශ ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නිර්දේශ (25) දින ලබා දෙනු ලැබීය.

පසුගිය නොවැම්බර් (27) දින ඇති වූ අයහපත් කාලගුණයක් සමග නාවලපිටිය අනුරුද්ධ කුමාර ප්‍රාථමික විද්‍යාලයට ඉහළින් පිහිටි ශ්‍රී කවීෂ්වර වේළුවනාරාම විහාරස්ථානයේ ආරක්ෂිත බැම්ම නාය යෑමට ලක් විමත් සමග මාස දෙකක් වැනි කාලයක් පුරාවට අනුරුද්ධ කුමාර ප්‍රාථමික පාසල NBRO නිර්දේශ මත වසා දමන ලදී.

නව වසරේ පළමු පාසල් වාරය ආරම්භයත් සමඟ 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා වූ පන්ති පැවැත්වීමට මෙතෙක් හැකියාවක් නොලැබීම හමුවේ ඒ පිළිබඳ දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන් අතර දැඩි මතභේද කාරී තත්ත්වයක්ද මතුවී තිබුණි.

දෙමාපියන් කියා සිටියේ දේශපාලන මත ගැටුම් නිසා මෙම නායගිය පස් කොටස ඉවත් කර පාසල යලි ආරම්භ නොකරන බවයි.

(25) දිනයේ නැවත එම ස්ථානයේ නිරීක්‍ෂණය කළ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ භූ විද්‍යා නිලධාරී සමන්ත බෝගහපිටිය මහතා නැවත පාසල ආරම්භ කිරීම සඳහා අවශ්‍යා නිර්ණායක ලබාදෙන ලදී.

තමන් රජයක් ලෙස සියලු කටයුතු විනිවිදභාවයෙන් යුතුව නිත්‍යානුකූලව සිදු කරන බවත්, ඒ අනුව (25) දින සිදුකළ නිරීක්ෂණයේ වාර්තාව අනුව ඉදිරි සතිය තුළ පාසල විවෘත කිරීමට අවශ්‍ය සියලු කටයුතු අධ්‍යාපන බලධාරීන් සමග එක්ව සිදු කරන බව එම අවස්ථාවට එක්වු මහනුවර දිස්ත්‍රික් පා.ම. තුෂාරි ජයසිංහ මහත්මිය කියා සිටියා.

රංජිත් රාජපක්ෂ              

Previous Post Next Post