රජය සතු වාහන විවිධ අමාත්‍යාංශ සහ රායතන වෙත ලබාදීමේදී එම වාහනවල ලියාපදිංචි අංක ඇතුළු තොරතුරු ප්‍රසිද්ධ කිරීම මගින් පුද්ගලිකත්වයට හානියක් නොවන බවත්, එවැනි තොරතුරු දැනගැනීමට මහජනතාවට අයිතියක් ඇති බවත් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව තීරණය කර ඇත.
ඒ අනුව, 2024 සැප්තැම්බර් 23 දිනෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාරදුන් වාහන නැවත ලබාදුන් ආයතන, අමාත්‍යාංශ සහ එම වාහනවල ලියාපදිංචි අංක ඇතුළු තොරතුරු 2026 ජනවාරි 31 වන දිනට ප්‍රථම අභියාචක වෙත මුදාහරින ලෙස කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට නියෝග කළේය.
ආර්. එස්. හෙට්ටිආරච්චි මහතා විසින් 2025 ජනවාරි 29 දින කරන ලද තොරතුරු ඉල්ලීමක් සම්බන්ධයෙන් මෙම අභියාචනය ගොනු කර තිබුණි. එහිදී 09 වන විධායක ජනාධිපතිවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ වැටුප් හා දීමනා සහ ඔවුන්ට ලබා දී ඇති වාහන පිළිබඳ තොරතුරු ඉල්ලා තිබුණි. මීට අමතරව, හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලය අවසානයේ භාර දුන් වාහන නැවත ලබාදුන් ආයතන හා ඒවායේ අංක පිළිබඳව ද තොරතුරු විමසා තිබුණි.
අදාළ තොරතුරු ලබාදීම ජනාධිපති ලේකම් කාර්යාලය (පොදු අධිකාරිය) විසින් මුලින් ප්‍රතික්ෂේප කර තිබුණේ පනතේ 5 (1) (අ) වගන්තිය යටතේ පුද්ගලිකත්වයට හානි වන බව පවසමිනි. කෙසේ වෙතත්, කොමිෂන් සභාව පෙන්වා දුන්නේ රාජ්‍ය ආයතන සහ අමාත්‍යාංශ "තනි පුද්ගලයෙකු" ලෙස අර්ථ දැක්විය නොහැකි බැවින් එම තර්කය වලංගු නොවන බවයි.
රජය සතු වාහන වෙන් කර ඇති ආකාරය දැනගැනීමට පුරවැසියන්ට අයිතියක් ඇත.
මහජන සුභසිද්ධිය වෙනුවෙන් මෙවැනි තොරතුරු හෙළිදරව් කිරීමේ වැදගත්කම පුද්ගලිකත්වයට වන හානියට වඩා වැඩි බව කොමිසම අවධාරණය කළේය.
තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සාධාරණීකරණය කිරීමට පොදු අධිකාරිය අපොහොසත් වී ඇති බවද නිරීක්ෂණය විය.
මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට පැහැර හරිනු ලැබුවහොත්, තොරතුරු පනතේ 39 වන වගන්තිය ප්‍රකාරව පොදු අධිකාරියට සහ අදාළ තොරතුරු නිලධාරියාට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දී ඇත. තවද, නියමිත කාලය ඉක්මවා තොරතුරු ලබාදෙන බැවින් මේ සඳහා කිසිදු ගාස්තුවක් අය කිරීමට අවසර හිමි නොවේ.

ආයෙත් හිල් ජංගියෙ රෙවිල
ReplyDelete