බන්ධනාගාර රැඳවියන් මුහුණ දෙන ගැටලු හඳුනා ගැනීම සහ ඔවුන්ගේ සුභසාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් රජය විසින් සාමාජිකයින් හය දෙනෙකුගෙන් යුත් විශේෂ බන්ධනාගාර නිරීක්ෂණ කමිටුවක් පත් කර ඇත.
මෙම කමිටුවේ විශේෂත්වයක් වන්නේ 2011 වසරේ ශ්‍රී ලංකා රූ රැජින ලෙස කිරුළු පැළඳි සහ 2013 වසරේ ආසියානු රූ රැජින ලෙස සම්මානයට පාත්‍ර වූ ප්‍රකට නිරූපණ ශිල්පිනී ස්ටෙෆනි සිරිවර්ධන මෙනෙවිය ද එහි සාමාජිකාවක ලෙස ඇතුළත් කර තිබීමයි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පවසා සිටියේ මෙම පත්කිරීම් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ස්ථාපිත ක්‍රියා පටිපාටිවලට අනුකූලව සිදු කර ඇති බවයි.
බන්ධනාගාර රැඳවියන් මුහුණ දෙන විවිධ දුෂ්කරතා සහ ගැටලු සමීපව නිරීක්ෂණය කිරීම, අදාළ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබා දීමට මැදිහත් වීම, රැඳවියන්ගේ සුභසාධනය සහ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම කමිටුවේ ප්‍රධාන වගකීම්ය.
බන්ධනාගාර පද්ධතිය තුළ සිටින රැඳවියන්ගේ මානුෂීය අවශ්‍යතා සහ සුභසාධනය වෙනුවෙන් මෙම කමිටුව සක්‍රීයව දායක වනු ඇතැයි බලාපොරොත්තු වේ.
බිකිනියපිටින් හිරකුුඩුව ඇතුලටම ගියොත් තමයි හරියටම කරන්න පුලුවන්
ReplyDeleteජනතා බදු මුදලින් නඩත්තු වෙමින් ඉන්න බන්ධනාගාර නිලධාරීන් මොන මගුලකටද එහෙනම් 😡 ඔය වගේ සුන්දරියෝ ටිකක් දැම්මා නම් හරි නේ?
ReplyDelete