ගල් අගුරු වංචාව හෙලි කලැයි ඇමතිගෙන් තර්ජන..


මෙරටට බාල ගල් අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ජනාධිපතිවරයාගේ ප්‍රමුඛත්වයෙන් සිදුකළ යුතු බවත් විදුලි බල ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් බලශක්ති අමාත්‍යංශය විසින් සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ගල් අඟුරු ගෙන්වීම සඳහා ටෙන්ඩරය ලබාදිය යුත්තේ ඉකුත් වසරේ අප්‍රේල් මස බවත් එම ටෙන්ඩරය ජුලි මස වන විට අවසන් කළ යුතු වුවත් ආණ්ඩුව මෙම ටෙන්ඩරය කැඳවා තිබුණේ ඉකුත් වසරේ අගෝස්තු මස 15 වැනිදා වීම සැක සහිත බවත්ය.

පුබුදු ජයගොඩ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියේ රූපවාහිනි නාළිකාවක පැවැත්වූ දේශපාලනික වැඩසටහනකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි හෙතෙම මෙසේ ද පැවැසුවේය.

''අපිට මෙතන බරපතළ සැකයක් තියෙන්න ප්‍රධාන කාරණා කිහිපයක් තියනවා, එකක් මේ ටෙන්ඩර් එක කැඳවලා සති තුනක් වගේ කාලයක් ඇතුළත් මෙය අවසන් කළා. සාමාන්‍යයෙන් සති හයක් දෙනවා. ඇමැතිවරයා කිව්වේ මේක හදිස්සී නිසා ඉක්මනට අවසන් කළා කියල. නමුත් එහෙම හදිසි වුණාට මේ ටෙන්ඩර් එක දෙන්න නොවෙම්බර් වෙනකන් කල් ගත්තා. මෙතන තියෙන්නේ බරපතළ ගැටලුවක්. දෙසැම්බර් පහළොව පළවෙනි නැව එනවා කිව්වා.ආවේ දෙසැම්බර් අන්තිමට. අපිට හිතෙනවා මේ සිද්ධිය මෙහෙම පරක්කු වේවි ආවේ බාල ගල් අඟුරු ගෙනාපු සමාගමටම මේක දෙන්න ද කියල. ටෙන්ඩර් එක ප්‍රමාද වුණු කාලේ තමා මේ සමාගම රෙජිස්ටර් වුණේ. නැව් තිස් හතක් ඕනේ අපිට මේ වෙද්දී තාම ආවේ පහයි. 

අපි මේවා හෙළි කරද්දී ඇමැති අපිට තර්ජනය කළා . ඒ නොකියා කිව්වේ මේක ගැන කතා කරන්න එපා කියලා. ගල් අඟුරු බාල වෙනව කියලා ආපු ඒවායේ පරීක්ෂණ වාර්තා එළියට එන එක මේ ඇමැතිවරයා ප්‍රමුඛ නිලධාරින් හැංගුවා. අපි ඉල්ලන්නේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් නැති වුණොත් බලශක්තිය විදුලිය සම්බන්ධයෙන් ලොකු අර්බුදයක් මේ රටේ ඇතිවේවි''

- අශිකා ජයවීර

3 Comments

  1. MUN KEHELIYA PENNA PENNAMA HORAKANAWA

    ReplyDelete
  2. Moota thiyana SEKAYAK nisa amathita banina eka asaadaranayayi. Habei DV Chanaka num datta ekka kiyanava. Amathiya sure ekata evata kora venava.

    ReplyDelete
Previous Post Next Post