නීතිපති පාරින්ද රණසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස බලකරන මහජන විරෝධතාවක් හෙට දින කොළඹ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රය අසලදී පැවැත්වීමට නියමිතය.
මේ පිළිබඳ පුවත් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී.
වර්තමාන නීතිපතිවරයා දූෂිත පුද්ගලයන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට විරෝධතාකරුවන් චෝදනා කරන අතර, ඔහු වහාම එම තනතුරෙන් ඉවත් විය යුතු බව ඔවුන්ගේ මතයයි.
මේ අතර, ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට තරම් ප්‍රමාණවත් කරුණු හා චෝදනා මේ වන විටත් අනාවරණය වී ඇති බවයි.
