ලංකාවෙන් ලොකු කෑම ඔ්ඩරයක් ඉන්දියාවට.. ගිවිසුම් අත්සන් කරයි..


 ඉන්දියාවේ ජාතික සමූපකාර අපනයන සමාගම (NCEL) සහ ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය (COOPFED) අතර ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තැබීම (05) සිදුකෙරිණ.

ඉන්දියාවේ ජාතික සමූපකාර අපනයන සමාගම (NCEL) වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ අනුපම් කෞෂි මහතාත්, ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය (COOPFED) වෙනුවෙන් එහි සභාපති ආචාර්ය ශාන්ත ජයරත්න මහතාත් ගිවිසුමට අත්සන් තබන ලදී.

එම අවස්ථාවට මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ද එක්විය.

ඊට සමඟාමීව නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) යාවත්කාලීන කිරීම ඇතුළු වෙළෙඳ හා වාණිජමය ගැටලු පිළිබඳවද ඉන්දීය මහකොමසාරිස්වරයා හා වෙළෙඳ අමාත්‍යවරයා අතර ඵලදායී සාකච්ඡාවක් පැවැත්විණි.





MoU Signed to Facilitate Essential Food Supply from India to Sri Lanka

A significant Memorandum of Understanding (MoU) was signed on October 5 between India’s National Cooperative Export Limited (NCEL) and the Sri Lanka Cooperative Consumer Societies Federation (COOPFED), aimed at enhancing the supply of essential food products from India to Sri Lanka.

The agreement was formalized by Anupam Kaushik, the Managing Director of NCEL, and Dr. Shantha Jayaratne, the Chairman of COOPFED, in a ceremony that underscored the strengthening ties between the two nations.

Present at the event were India's High Commissioner to Sri Lanka, Gopal Baglay, and Minister of Trade, Commerce, Food Security, and Cooperative Development, Wasantha Samarasinghe, who both expressed support for the collaboration.

In conjunction with the signing, fruitful discussions were also held regarding the ongoing updates to the Free Trade Agreement (FTA), as well as other trade and commercial issues, between the Indian High Commissioner and the Trade Minister.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

19 Comments

  1. ට්‍රෝයි පෙරේරාOctober 6, 2026 at 5:53 AM

    ආයෙ කවදාවත් ලංකාවට ආහාර හිඟයක් ඇති වෙන් නෑ. ඒක තමයි කිව්වේ උගත් දරුවොන්ට රට භාර දෙන්ඩ කියලා.

    ReplyDelete
    Replies
    1. Lankawata one karana siyaluma ahara ratin genemu. Vee mol karayanta saha adi laba labana ataramadi velandanta padamak ugannamu. Sadarana milakata paribogikayanta athi tharam ahara sapayamu.

      Delete
    2. ජයලත් දුරයගෙ චමින්ද ජයලත්October 6, 2026 at 6:08 AM

      මොකටද ගොනෝ ඉන්දියාවෙන් කෑම ගෙන්නන්නෙ මේ රටේ ඕනෑ තරම් වගාකරන්ඩ පුලුවන්කම තියෙද්දි?

      Delete
    3. ඉංග්‍රීසි අකුරෙන් ලියපු මී හරකට:

      උඹේ ඇට දෙක දීලද ඉන්දියාවෙන් ආහාර ගෙන්වන්නෙ?

      Delete
    4. ඉලන්දාරි පේඬිගේ අමිල රුක්ෂාන් රත්නායකOctober 6, 2026 at 6:30 AM

      අනුන්ගේ නම් හොරෙන් කොපි කරලා තමනේ වගේ ලියන බුද්ධිමතෝ, එහෙනම් තෝ කියපන් බලන්ඩ තෝ අක්කර කීයක් වගා කොරලද තියෙන්නේ කියලා, මේ රටේ මේතරම් වගා කොරන්ඩ පුළුවන් කම තියෙද්දි.

      ඇට මුදලාලිට: ඇට දෙක දෙන්ඩ ඕනෑ නෑ, අත්‍යවශ්‍ය ආරක්ෂක ගිවිසුම් වලට එළඹෙනකොට ඒ වගේ දේවල් ඩිමාන්ඩ් කරන්ඩ පුළුවන්.

      Delete
    5. ආයෙත් පරිප්පු අහසෙන් දමයිද​? අපේ රටේ ඉන්න ඩෝබිලානම් හුරේ දාවි

      Delete
    6. කොල්ලම් සංගිලි පණික්කියගේ වජිර ගමගේOctober 6, 2026 at 8:08 AM

      පරිප්පු අහසින් දැම්මේ රජීව් ගාන්ධිගේ හිතුවක්කාර තනි වුවමනාවට, නැතුව රෝ එකෙන් උපදෙස් අරගෙන නෙවේ. වෙනත් යුධ හමුදා නායකයන්ගේ උපදෙස් ගත්තෙත් නෑ, විනාඩි කීපයක් ඇතුලත තීරණය අරගෙන ක්‍රියාත්මක වුණා. ඒක පිටුපස තව ගොඩක් දේවල් තියෙනවා උඹ නොදන්න. අන්තිමට ඒ හින්දම තමා රජීව් ගාන්ධිට ජීවිතේ අහිමි කලේ. ආයෙත් කවුරුවත් අහසින් පරිප්පු දාන් නෑ. ඒක හින්දා හුරේ දාන්ඩ බලන් හිටියට වෙන් නෑ, පරිප්පු ආයෙ දාන් නෑ.

      හැබැයි මේ වෙනකොට ලංකාවේ ආරක්ශක හමුදා ඉතාම දුර්වලයි, ආපහු 1970 ගණන් වල තත්වයටම යමින් තියෙන්නේ. මාලදිවයිනෙන් ඇටෑක් එකක් ආවත් ගහ ගන්ඩ බෑ දැන් තියෙන හමුදාවට.

      Delete
    7. පන්ති පහට ගිහින් ඉන්දියානුකරණයට විරුද්ධව ජීවිත නැති කරගත්ත එවුන් පව්.

      Delete
  2. Ahara uddamanayata saha jeevana viyadama adu kireemata saha anayana walin labena badu wadiyen labaganeemata honda arthika prathipaththiyak. Suddage kale wada wage.

    ReplyDelete
  3. ලංකාව ඉන්දියාවෙ අතකොකුවක් වෙලා.නාමල්❤ ව පාවා දුන්නා ඕකුන් අපේ රට සූරා කන්න අනුරට. ලෝකේ කපටි නරියා. කිසිම රටක් දැන් ඉන්දියාවට කැමති නෑ

    ReplyDelete
    Replies
    1. ආයෙත් පරිප්පු අහසෙන් දමයිද​? අපේ රටේ ඉන්න ඩෝබිලානම් හුරේ දාවි

      Delete
  4. වසන්තයාට ලොකු කොමිස් කුට්ටියක් ලැබෙනවා ඇති, උගේ වත්කම කෝටි 2760 පැනලා කෝටි 5000 ක් වත් වෙලා ඇති. රට ස්වයංපෝෂිත කරන්න ආපු එවුන් රට හිගමනට දාලා ඉන්දියාවෙන් කෑම ඉල්ලගන්න තැනට පත් කලා. කාලකන්නි.

    ReplyDelete
    Replies
    1. කොමිස් කන් නෑ බන් දැන් ඉන්න අය. ඉස්සර එවුන් කොමිස් කාලා රට බංකොලොත් කලේ. අනේ ඇත්තට උඹලා වගේ ගොන්නු.

      Delete
    2. කොමිස් කන්න බෑ කියපු මොළේ නොමේරු එකා දැක්කේ නැද්ද දන්නේ නෑ, ප්‍රවාහන ඇමති ආණ්ඩුවේ වියදමින් බස් ගෙනල්ලා මල්ලිට Metro pvt ltd එක දාලා දෙනවා 😀

      Delete
  5. Hereafter Sri Lankans will eat rotten food from India

    ReplyDelete
  6. ඉන්දියානු ව්‍යාප්තවාදය, ඔබ කොහිද?
    🤣🤣🤣🤣

    ReplyDelete
    Replies
    1. Dr Gladys Jayawardene මහත්මියව ජෙප්පෝ මැරුවේ ඉන්දියාවෙන් බෙහෙත් ගෙනාවට.

      Delete
  7. ඉන්දීය මහකොමසාරිස්වරයා සහ වෙළඳ ඇමතිවරයා අතර ඵලදායී සාකච්ඡාවක් ඇතිවිය. එකැස් බූරුවා බනිනවා ඇරෙන්න සාකච්ඡා කරන්න දන්නෙ නෑ.

    ReplyDelete
  8. ඉන්දියාව ජෙප්පොන්ගෙන් පරිස්සම් වෙන්න ඕනේ. ඕකුන් ඉස්සර ඉන්දියාවට බැන බැන ඉදලා දැන් ලං උනේ හොදකට නෙවෙයි.

    ReplyDelete
Previous Post Next Post