නාමල්ගේ නඩුව මාස හයකට කල් තබයි.. නීතිපති උපදෙස් නෑ..

 


රුපියල් ලක්ෂ 150ක මුදලක් එන්. ආර්. කනසල්ටන්සි ආයතනයේ යෙදවීම හරහා මුදල් විශුද්ධිකරණ විරෝධී පනත උල්ලංඝනය කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වන නඩු විභාගය ජූලි මස 30 වැනිදා යළි විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (29) තීරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකුගෙන් යුත් සැකකාර පිරිස අද දින අධිකරණය හමුවේ පෙනී සිටියහ.

අදාළ විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇතත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් ස්ථිර උපදෙස් ලැබී නොමැති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපතිවරයාගේ ස්ථාවරය ලැබෙන තෙක් නඩු විභාගය තාවකාලිකව නතර කළ මහේස්ත්‍රාත්වරයා, මීළඟ නඩු වාරයේදී පරීක්ෂණවල වත්මන් ප්‍රගතිය වාර්තා කරන ලෙස පොලිසියට නියෝග කළේය.

Previous Post Next Post