පුංචි ආණ්ඩුවල මාලිමාවට දෙන සහය ඉවත් කරගන්න තොණ්ඩමන්ලා සාකච්චා...


තොණ්ඩමන් පදනම හා තොණ්ඩමන් නාමය ඉවත් කිරිමට රජයේ සමහර අය සැලසුම් කලද එය ඔවුන් දකින දවල් හිනයක් බව ලංකා කම්කරු කොංග්‍රසයේ ජේශ්ඨ උප සභාපති කනපති කනගරාජ් මහතා පවසයි.

24වන දින පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු කනපති කනගරාජ් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.

ආන්ඩු පක්ෂය නියෝජනය කරන මංත්‍රිවරයක් පාර්ලිමේන්තුවේදි ප්‍රශ්න අහනවා එහිම නියෝජ්‍ය ඇමතිවරයක් උත්තර දෙනවා මම මෙයට පෙර පාර්ලීමේන්තුවේ  දැකලා තියෙන්නේ විපක්ෂය ප්‍රශ්න අහාන විට ආන්ඩු පක්ෂයේ ඇමතිවරුන් උත්තර දෙන එකයි.

ඒත් දැන් ඉස්කෝලේ යන පොඩි ලමයි වගේ ආන්ඩු පක්ෂයේ මංත්‍රිවරයකු ප්‍රශ්න අහානවා ආන්ඩු පක්ෂයේම නියෝජ්‍ය ඇමති කෙනෙක් උත්තර දෙනවා මේ අය කතා වෙලා ඇවිත් මෙහෙම කරන බව දැන් හැම දෙනාටම පැහැදිලියි මේ අය කරන්නේ විහිළුවක්  මෙය ඇත්තටම ලැජ්ජා වෙන්න ඕන දෙයක්.

මේ අය තොණ්ඩමන් පදනමේ නම ඉවත් කරන්න ඕන කියනවා මේ රටේ තවත් අයගේ නම්වලින් පදනම් තියෙනවා බණ්ඩාරනාය නමින් තියෙනවා ඩි. එස්. සේනානායක නමින් තියෙනවා මහින්ද රාජපක්ෂ නමින් තියෙනවා ඒත් මේ අයට ඕන තොණ්ඩමන් නම අයින් කරන්න එය මේ අය දකින දවල් හිනයක් මොකද මෙය කරන්න මේ වතුකරයේ ජනතාව ඉඩ දෙන්නේ නැහැ.

මොකද සම්‍යමුර්ති තොණ්ඩමන් කියන්නේ මේ වකුකරයේ ජනතාවට විශාල සේවයක් කරමින් ඔවුන්ට ජයග්‍රහාන රැසක් අත් කර දුන් උදාර නායකයෙක් මේ අය කියනවා තොණ්ඩමන් පදනමට සල්ලි ලැබෙනවා කියලා තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ ඉගෙන ගන්නේ වතු කරයේ සේවය කරන අයගේ දරුවන් මිස තොණ්ඩමන් පවුලේ අය නොවෙයි තොණ්මන් ක්‍රිඩා පිටියේ ක්‍රිඩා කරන්නේ වතු කරයේ දරුවන් මිස තොණ්ඩමන් පවුලේ අය නොවෙයි.

මුල්ඔය ගොවින්දන් කියලා අයෙක් ඉන්නවා මේ අය ඔහුට කියන්නේ මුල්ලේරියා ගොවින්දන් කියලා එයවත් හරියට මේ අය දන්නේ නැහැ එහෙම අය තමන් මේ පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ.

මේ අය කියනවා අනික් අයගෙත් නම් දාන්න ඕන කියලා කිසි ප්‍රශ්නයක් නැහැ රත්නපුරේ විද්‍යාපිඨයක් හදන්න හදලා එයට නම දාන්න නුවර මොකක් හරි හදන්න හදලා නම දාන්න එහෙම නැතිව තොණ්ඩමන් නම ඉවත් කරන්න හදන්න එපා එයට මේ වතුකරයේ ජනතාව ඉඩ දෙන්නේ නැහැ.

ජාතික ජන බලවේගය සමහර පලාත් පාලන ආයතනවල බලය ලබා ගෙන තියෙන්නේ ලංකා කම්කරු කොංග්‍රසය සමග එකට එකතු වෙලා එහෙම තියෙද්දි නිතර නිතර ලංකා කම්කරු කොංග්‍රසයට පහර ගහන්න හදනවානම් එයට ගත යුතු ක්‍රියා මාර්ග පිලිබදව සකාච්චා කර අවශ්‍ය අවස්ථාවේ අවශ්‍ය තීරන ගැනිමටත් අපි පියවර ගන්නවා. 

මනුර සුදත් සෙල්ලහේවා 

Previous Post Next Post