හිම බලන්න නුවරඑලිය පිරේ...


 සති අන්ත නිවාඩුවත් සමග නුවරඑලියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් (24) දින පැමිණ සිටින බව නුවරඑලිය සංචාරක හෝටල් සංගමයේ සහ සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති මහින්ද දොඩම්පගමගේ මහතා පැවසීය.

නුවරඑලිය ප්‍රදේශයේ මේ දිනවල අලුයම් කාලයේ මල් තුහිණ පතිත වීම දැක බලා ගැනීමට සහ නුවරඑලිය ප්‍රදේශයේ මේ දිනවල පවතින යහපත් කාලගුණ තත්වය හේතුවෙන් එටම පිරිස පැමිණ සිටින බවයි සභෘපතිවරයා කියා සිටියේ.

එසේ පැමිණි පිරිස ග්‍රෙගරිවැව පරිශ්‍රෙය් විනෝදවන අකාරය අප කැමරාවේ මෙසේ සටහන් විය.

එසේ පැමිණි සංචාරකයන් නුවරඑලිය සංචාරක හොටල් සහ නිවාඩු නිකේතන ගණනාවක් වෙන් කර ගෙන ඇත.

මේ අතර වසර ගණනාවකට පසු නුවරඑලියේ අවම උෂ්ණත්වය වාර්ථා වී ඇති බවත්, ඒ තුලින් නුවරඑලියට මල් තුහිණ පතිත වීම නිසා නුවරඑලියේ සුන්දරත්වය ඉහළ ගොස් ඇති නිසා නුවරඑලිය පැමිණෙන ලෙස නුවරඑලිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතා ඉල්ලා සිටියි.

එසේ පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බවද නගරාධිපතිවරයා පැවසීය.

රංජිත් රාජපක්ෂ   

Previous Post Next Post