6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් මොඩියුලයකට අනිසි වෙබ් ලිපිනයක් එක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
මෙම වරද හුදු අතපසුවීමකට වඩා සංවිධානාත්මක කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බවට සැකකෙරේ.
ඒ පිළිබඳව ලද තොරතුරු මත පදනම්ව, රජයේ බුද්ධි අංශ මගින් විශේෂ විමර්ශනයක් අරඹා ඇත.
මෙම මතභේදාත්මක ප්‍රකාශනය සකස් කිරීමේ වගකීම දැරූ ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විදානපතිරණ මහත්මිය ඇතුළු උසස් නිලධාරීන් දස දෙනෙකුගෙන් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශ ලබා ගැනීමට රහස් පොලිසිය සූදානම් වේ.
මෙම පිරිස අතරට අදාළ මොඩියුලයන්හි රචකයන් මෙන්ම ඒවායේ නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට සිටි අධීක්ෂණ නිලධාරීන් ද ඇතුළත් වේ.
සිද්ධියට අදාළ මූලික තොරතුරු රැස්කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණ සිටිති.
එහිදී ඔවුන් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිස හමුවී කරුණු විමසා ඇත.
මීට අමතරව, පොලිස් පරීක්ෂණවලට සමාන්තරව අධ්‍යාපන අමාත්‍යාංශය ද අභ්‍යන්තර විනය පරීක්ෂණයක් වෙනමම ආරම්භ කර ඇති බව වාර්තා වේ.

අන්තිමේට මේකට වැරදිකාරයා වෙන්නෙ ඉසුරුපායෙ ගේට්ටුවේ මුරකාරයා..
ReplyDeleteහරිනි එලවමු
ReplyDeleteඅන්තිමට මේකට වැරදිකාරයා වෙන්නෙ මේක එළිදරව් කළ ස්වාමීන් වහන්සේ. LGBTQ කැමති අය කළ දෙන්. ඒක නවත්වන්න ඕනෙත් නෑ. ඒක අපරාධයක් නෙමේ. අපරාධය ඒක ප්‍රමෝට් කරන එක. හය හතර නොතේරෙන ළමයින්ව මේකට ගාවගන්න එක. ඉතින් මේක බලපු අයට වඩා මේ අයිඩියා ඉම්ප්ලිමන්ට් කළ අයට මුළින් දඬුවම් කරන්න ඕනෙ. මේ අගමැති කිව්ව මේ දේවල් නීතිගත කරනවා කියලා. ඉතින් මේක මේ වගේ පිටින් පෙනුණට ඇත්තටම ඒ ජීවිත ගත කරන හරිහමන් විවාහ නොවිච්ච, එහෙම උණත් තමන්ගෙ මායියව පෙන්වන්න බැරි උන් වෙන මොනව කරන්නද? ජෙප්පන්ට තියෙන අකේ පුමාරුව අපේ බුද්ධාගම එක්ක තියෙන සංස්කෘතික බැඳීම. ඕක ගලවල දාන කන් උන්ට නින්ද යන්නෙ නෑ.
ReplyDelete