කොළඹ නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට විසඳුම් ලබා දෙමින්, චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත සහ බාලදක්ෂ මාවත යා කරමින් ඉදි කෙරුණු නව ගුවන් පාලම අද දින නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
මෙම ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු මුලින්ම ආරම්භ කරන ලද්දේ 2021 වසරේදීය. කෙසේ වෙතත්, මෙරට පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් එහි වැඩකටයුතු අතරමග නවතා දැමීමට සිදු විය.
වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව, පසුගිය වසරේ මැයි මාසයේදී මෙහි ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කළ අතර, ඉතා කෙටි කලක් තුළ වැඩ අවසන් කර මෙලෙස මහජනතාව සඳහා විවෘත කිරීමට හැකි වී තිබේ.
මෙම නව ගුවන් පාලම දිග මීටර් 320 කි. පළල මීටර් 11 කි.
මෙම ගුවන් පාලම විවෘත කිරීමත් සමඟ ලෝටස් වටරවුම හරහා වරාය බඩු ප්‍රවාහනය සඳහා භාවිත වන මාර්ගයේ පවතින තදබදය සැලකිය යුතු ලෙස අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
විශේෂයෙන්ම දුම්රිය හරස් මාර්ග හේතුවෙන් සිදුවන ප්‍රමාදයන් මඟහරවා ගනිමින් කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබා දීමට මෙය මහත් පිටුවහලක් වනු ඇත.

කුජිත ජෙප්පෝ හුටන් උස්සන් ආවේ නැත්නම් ඔවාඅ විර්වුර්ත වෙන්න ඕන 2020 ටත් කලින්
ReplyDeleteතෝ වගේ මී හරකෙක් 2021 පටන් ගත්ත එකක් 2020 විවෘර්ත වෙනනේ කොහොමද
Deleteහුටන් පටන්ගත්තෙ නෑ මේක මහින්දගේ වැඩක් නිසා. ඒත් ගෝඨාභය ඒක පටන්ගත්තා
Delete