විශේෂඥ දොස්තරලාට ආණ්ඩුවෙන් ලොකු තැනක් හදයි...


 ශ්‍රී ලංකාව තුල විශාල වශයෙන් සිදු වූ බුද්ධිගලනය රටේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි හිගයක් ඇතිකිරීමටත් , ඒ හරහා සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට තල්ලුකිරීමටත් සමත් විය.

මේ සදහා රටේ ආර්ථික පිරිහීම ප්‍රධාන වශයෙන් බලපෑ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගෙ අනන්‍ය ගැටලු ඔවුන්ට අනන්‍ය ආකාරයට විසදීමට වත්මන් සේවා ව්‍යවස්ථාව අපොහොසත් බව බහුතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයයි.

එහිදී වෘත්තීය සමිති බේදයකින් තොරව එක්වූ විශේෂඥ වෛද්‍යවරු 2050 කට ආසන්න සංඛ්‍යාවක් අත්සන් කොට සෞඛ්‍ය අමාත්‍යවරයාට සංදේශයක් භාර දුන් අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් ජනාධිපතිවරයා සමග මේ සම්බන්ධ සාකාච්චාවක් සිදුකරන ලදී.

එහිදී ජනාධිපතිවරයා මෙම ගැටලු විසදීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ශකවරයාට කාල රාමුවක් සහිතව උපදෙස් ලබා දුන් අතර විශේෂඥ වෛද්‍යවරුන්ටම අනන්‍ය වූ සේවා ව්‍යවස්ථාවක් ඇති කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයට අමාත්‍ය මන්ඩල අනුමැතිය ලැබුන අතර එය සිදුකිරීම සදහා කමිටුවක්ද පත්කරන ලදී.

එහිදී ඒ සදහා විවිධ පාර්ශව වෙතින් යම් යම් බාධා එල්ල වූවත් අමාත්‍යවරයා විශේෂඥ වෛද්‍යවරුන්ගේ ගැටලු විසදීමට කඩිනමින් කටයුතු කල යුතු බවට වූ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදු නොවූ බව ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් රටේ සියලු විශේෂඥ වෛද්‍යවරු වෘත්තීය සමිති බේදයකින් තොරව එකතු වූ බවත් රටේ සමස්ථ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් 97% ක් පමන ( 2050 කට අධික සංඛ්‍යාවක්) අත්සන් කොට පොදු එකගතාවයකට පැමින ඇති බවත් , එය ඉතිහාසය තුල ඇතිවූ විශාලම එකමුතුවයි.

1 Comments

  1. What a understanding jvp union that we have. If we had this jvp union before then most of Doctors are still working in our country. We have low quality medicine from India now people we are getting low quality Indian Doctors to treat our people. So many Innocent men got killed in 88/89 because jvp was against Indian colonisation. Now what a irony same party has sold out mother land to India.

    ReplyDelete
Previous Post Next Post