ඉරානයේ දොලොස්දහසක් මරුට..?

 


ඉරානය පුරා පසුගිය දිනවල පැවැති විරෝධතා මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ ක්‍රියාත්මක කළ දරුණු මර්දනය හමුවේ අවම වශයෙන් පුද්ගලයින් 12,000ක් පමණ මියගොස් ඇති බවත් විදෙස් වාර්තා පවසයි.

(Iran International පුවත් සේවයේ කර්තෘ මණ්ඩලය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම ඝාතන හුදෙක් අහඹු ගැටුම්වල ප්‍රතිඵලයක් නොව ඉහළ පෙළේ නියෝග මත සිදු වූ සැලසුම් සහගත මෙහෙයුමකි.

උත්තරීතර නායක අලි කමේනිගේ සෘජු නියෝගය මත සහ රජයේ ප්‍රධානීන්ගේ අනුමැතිය ඇතිව විරෝධතාකරුවන්ට සජීවී උණ්ඩවලින් වෙඩි තැබීමට නියෝග කර තිබූ බව වාර්තාව කියයි.

මියගිය පිරිසෙන් බහුතරයක් වයස අවුරුදු 30ට අඩු තරුණයින් වන අතර, ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සහ බසීජ් (Basij) හමුදා විසින් මෙම වෙඩි තැබීම් සිදු කර ඇත.

තොරතුරු වසන් කිරීමට දැඩි වාරණ මෙය ලෝකයෙන් සැඟවීම සඳහා ඉරාන රජය විසින් දැඩි තොරතුරු වාරණයක් පනවා ඇති බවත් පසුගිය ජනවාරි 8 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අන්තර්ජාලය සම්පූර්ණයෙන්ම පාහේ විසන්ධි කර ඇති අතර, ජංගම දුරකථන ජාල පවා අඩපණ කර ඇත.

මීට අමතරව, නිවෙස්වල ඇති චන්ද්‍රිකා ඇන්ටනා සහ පෞද්ගලික CCTV කැමරා පටිගත කිරීම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මෙරට පුවත්පත් සිය ගණනක් වසා දමා ඇති අතර, දැනට ක්‍රියාත්මක වන්නේ රජයේ පාලනයට යටත් මාධ්‍ය ආයතන කිහිපයක් පමණක් යයිද ඒහි සදහන්ය.

ජාත්‍යන්තර බලපෑම් සහ සහයෝගීතාව ඉරානයේ පවතින මෙම තත්ත්වය හමුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, විරෝධතාකරුවන් මර්දනය දිගින් දිගටම සිදු වුවහොත් ඉරානයට ප්‍රහාර එල්ල කරන බවයි.

කෙසේ වෙතත්, රුසියාව දිගින් දිගටම ඉරාන රජයට සහයෝගය දක්වන අතර, විරෝධතාකරුවන් හඳුනා ගැනීමට සහ මර්දනය කිරීමට අවශ්‍ය උසස් තාක්ෂණික උපකරණ සහ ඔත්තු බැලීමේ සහය ලබා දෙන බවටවාර්තා වේ.

4 Comments

  1. Replies
    1. Fucking Muslim terrorists are killing innocent people.

      Delete
  2. බොරු ඉලක්කම්. අහිංසක මිනිස්සුන්ව මරල තියෙන්නෙ ඇමරිකන් සහ ඊශ්‍රායල් ඔත්තුකරුවන් කියලයි ප්‍රවෘත්තිවල යන්නෙ.

    ReplyDelete
  3. 12000ක් ද 2000ක් ද. නිවැරදි ගණන කියන්න

    ReplyDelete
Previous Post Next Post