ත්‍රිකුණාමලය - මොරවැව මාර්ගයේ "සුදු පාලම" ආසන්නයේදී මත්පැන් පානය කර රිය පැදවූ 70 හැවිරිදි විදේශිකයෙකු පොලිස් අත්අඩංගුවට පත්විය.
මෙරට සංචාරයක නිරතව සිටින මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා සම්බන්ධයෙන් සිදුකළ නීතිමය ක්‍රියාමාර්ගවලින් අනතුරුව, රුපියල් 25,000 ක දඩයක් ගෙවන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
ත්‍රිකුණාමලය කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකරන ලදී.
සැකකරු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, වරදකරු බව තීරණය වී ඉහත දඩ මුදල නියම විය.
නියමිත දඩ මුදල ගෙවීමෙන් අනතුරුව එම විදේශිකයා නිදහස් කළ බව පොලිසිය තහවුරු කරයි.

ඇයි කතානායකට විතරද බීලා වාහන එලවන්න පුලුවන්.
ReplyDeleteලංකාවේ එවුන් බීලා එලවන නිසා උන් හිතන්නෙ බීලා තමයි ත්‍රී වීල් එනවනේ කියලා.
ReplyDelete