බුදු සසුනට, සංස්කෘතියට, සභ්‍යත්වයට එරෙහි අංක එකේ කුමන්ත්‍රණකරු ජනාධිපතියි..

 


මහජන හඩ ජාතික බලමුළුව විසින් කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවේදී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය නැහැ කියලා විපක්ෂයේ කවුරුවත් කියන්නේ නැහැ. ඒක අවශ්‍ය නිසා තමයි මේ පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කළේ අපේ ආණ්ඩු කාලවලදී. ඒ නිසා මේ ප්‍රතිසංස්කරණ අපේ වැඩක්. හැබැයි ඒක කරගෙන යන විදිහෙන් ආණ්ඩුව සමාජයට පෙන්නුම් කළා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේ දැවැන්ත වැඩක් කරන්න අවශ්‍ය දැක්ම, දැනුම සහ අත්දැකීම මේ ආණ්ඩුවට නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි අධ්‍යාපන ක්‍රියාවලිය කියන එක ආණ්ඩුව මාරු වෙද්දී වෙනස් කරන්න බැහැ. අර ලංගම බස් එකේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තියෙද්දී කොළ පාට තීරුවක් ගානවා, ශ්‍රී ලංකා ආණ්ඩුව ආවම නිල් පාට තීරුවක් ගානවා, අන්න ඒ වගේ විෂය නිර්දේශ වෙනස් කරන්න බැහැ.

ඒ නිසා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්යයෙන්ම බහුපාර්ශ්වීය ප්‍රවේශයක් විය යුතුයි. අපි සූදානම් අපි අධ්‍යාපනයෙන් නිසි ඵල නෙළා ගත්ත පුද්ගලයන් විදිහට, අද අපි මෙතන ඉන්නේ අපිට ලැබුණු අධ්‍යාපනය නිසා. ඉතින් අපි සූදානම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපි ලබාගෙන තියෙන දැනුම ආණ්ඩුවට අවශ්‍ය ඕනෑම ආකාරයකින් ආණ්ඩුවට සහාය වෙන්න මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන්න, දරුවන්ට අසාධාරණයක් නොවන්න නම් ආණ්ඩුව උද්ධච්චකම පැත්තකින් තියලා අත්දැකීම තියෙන විපක්ෂය සමඟ සහයෝගයෙන් කළ යුතුයි. මොකද මීට කලින් මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අති සාර්ථකව කරපු නිසා තමයි ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රියාවලිය පිළිබඳ සමස්ත ලෝකය පුරාම හොඳ ගෞරවයක් තිබෙන්නේ. අපි විදේශීය විශ්වවිද්‍යාලවල උගන්වද්දී මමත් ඒක කරලා තියෙනවා, මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාත් කරලා තියෙනවා, ඒ විශ්වවිද්‍යාලවල ශ්‍රී ලාංකික උගතුන්ට සුවිශේෂී ගෞරවයක් තිබෙනවා. ශ්‍රී ලාංකික ශිෂ්‍යයා තරගකාරීව ඉදිරියෙන් ඉන්නවා. ඒ මේ පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසි ලෙස කලින් ආණ්ඩු කිරීමේ ප්‍රතිඵලයක්. එතකොට ඒ අපි ලබාගත් ඒ වාසිය අපේ දරුවන්ට අහිමි කරන්න බැරි නිසයි අපි ආණ්ඩුවට කියන්නේ අපි එන්නම් ඔබට උදව් කරන්න, උද්ධච්චකම පැත්තකින් තියලා විපක්ෂයෙන් මාර්ගෝපදේශ අරගෙන හරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරන විදිහ ඉගෙන ගන්න, අපි සාමූහිකව ඒ වැඩේ කරන්න ලෑස්තියි කියන පණිවිඩය අපි ආණ්ඩුවට ලබා දෙනවා.

ඒ වගේම අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශයට පත් කළා බුදු සසුනට, අපේ සංස්කෘතියට, අපේ සභ්‍යත්වයට එරෙහිව දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා කියලා. හැබැයි මහානායක ස්වාමීන් වහන්සේ ඒ කුමන්ත්‍රණය කරන්නේ කවුදයි, කුමන්ත්‍රණකරුවන් කවුදයි නම් කිරීමක් කළේ නැහැ. ඒ නිසාම අපි කැමතියි ඒ මහා කුමන්ත්‍රණයේ අංක එකේ කුමන්ත්‍රණකරුවා වෙන කවුරුවත් නෙවෙයි ජනාධිපති අනුර දිසානායක මැතිතුමා. අපේ රටේ වැදගත්ම ලක්ෂණයක් තමයි ආගමික සහජීවනය. අපි මොන ආගම ඇදහුවත් අන්‍යෝන්‍ය වශයෙන් ආගමික නායකයන් එකිනෙකාට ගරු කරමින් සමගියෙන් ගියේ. විවිධ කුමන්ත්‍රණකාරී අයුරින් මේ ආගමික සමගිය විනාශ කරන්න කුමන්ත්‍රණ කළත් ඒවා කෙටි කාලීනයි, කේන්ති එනවා, පිපිරෙනවා, කෙටි කාලීනව ඒක ඉවර වෙනවා. කවදාකවත් ආණ්ඩුවක් ආගමික සමගිය විනාශ කරන්න කටයුතු කළේ නැහැ.

හැබැයි රටේ ජනාධිපතිතුමා යාපනයට ගිහිල්ල උතුරට බෞද්ධයන් එන්නේ වෛරය වපුරන්නයි කිව්වම, ඒක කියන්නේ කොහෙද යාපනයේදී, ඔය යාපනයම තමයි තිස්ස විහාරයට දකුණේ බෞද්ධයන් පැමිණීමට එරෙහිව දැන් වසර තුනක් පුරාවට සෑම පෝය දවසකම උද්ඝෝෂණයක් තියෙන්නේ. දැනටමත් වෛරයක් ඇතිවෙලා ඉන්න අයට කියනවා තවදුරටත් වෛරය වැඩිවෙන ප්‍රකාශයක්, ඇවිලෙන ගින්නට පිදුරු දානවා. ඊළඟ පෝය දවසේදී මේ ප්‍රකාශයෙන් දිරිමත් වුණු ඒ උද්ඝෝෂකයන් දකුණෙන් උතුරට එන බෞද්ධයන්ට පහරදීමක් වුණත් සිදුවීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා මේ උද්ඝෝෂකයන්ට කිව්වේ ආයෙ උතුරට ආවොත් ගහපල්ලා කියන ප්‍රකාශයද කියන සාධාරණ සැකය අපිට ඇතිවෙනවා.

එතන විතරක් නෙවෙයි අවදානම තියෙන්නේ. අපේ කතෝලික බැතිමතුන් මඩු පල්ලියට යනවා, හින්දු බැතිමතුන් කතරගමට එනවා, මේ කවුරුවත් ඒක හොඳ දෙයක් විදිහට මිසක් කවදාකවත් නරක දෙයක් විදිහට මේ සමාජය දැකලා තිබ්බේ නැහැ. ඒක අධෛර්යමත් කරන එකම එක ප්‍රකාශයක් ලංකා ඉතිහාසයේ කිසිම කලක කිසිම දේශපාලකයෙක්ගේ මුවින් පිටවෙලා නැහැ. ඒ නිසා මේ ජාතික සමගිය සහ ආගමික සමගිය රැක ගැනීමේ වැඩිම වගකීම තිබෙන ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කරන්නේ මේ රටේ තියෙන ඒ සංස්කෘතිය විනාශ කිරීමේ යටි අරමුණින්ද කියන සාධාරණ සැකය අපිට ඇතිවෙනවා.

ඒ වගේමයි මේ බුදු සසුන දෙස බලද්දී, වසර 70ක් පරණ රජයේ ලියාපදිංචි පන්සලක බුදු පිළිමයක් තැබීම භික්ෂූන් වහන්සේලා රක්ෂිත බන්ධනාගාර ගත වන සිදුවීමක් වෙලා තියෙනවා. අධිකරණයේදී හෙළි වුණු තොරතුරු අනුව උන්වහන්සේලාට ඇප ලබා ගැනීමට හැකි ආකාරයෙන් චෝදනා සංශෝධනය කරන්න නීතිපතිවරයා එකඟ වෙද්දී පොලීසිය විරුද්ධ වෙනවා. එතකොට අද ශ්‍රී ලංකා පොලීසිය මාලිමා පොලීසිය බවට පත්වෙලා තිබෙන නිසා පොලීසිය භික්ෂූන් වහන්සේලාව සිරගත කරගෙන සිටීමේ උත්සාහය දරන්නේ ආණ්ඩුවේ උවමනාවටයි කියලා අපිට සාධාරණව නිගමනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා අපේ රටේ දීර්ඝ කාලයක් හින්දු, බෞද්ධ, ඉස්ලාම්, කතෝලික විවිධ ආගම් ඉතාම සමගියෙන් ජීවත් වෙනවා, ඒ සමගිය විනාශ කෙරෙන ප්‍රකාශ කරන්න එපා කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා."

6 Comments

  1. muta therenne na muwa kawruwath padekata ganan gan na kiyala

    ReplyDelete
    Replies
    1. ඒත් ඩෝබියො බරටම වැඩ

      Delete
  2. හරි අපි දැනුවත් වුණා. දැන් ගිහින් පුක හෝදාගනින් ගම්මන්පිළ. උබට විමලෙට රැවටුණු කාලේ ඉවරයි

    ReplyDelete
    Replies
    1. ඇයි සට්ටැඹි, රිදුනද?

      Delete
  3. What can you expect from a bunch of useless and incompetent thrid class and menial communits dickheads. Only people that protects their identity is Muslims. The rest are either jebbaiyo or Baiyos. Jebbaiyos are damn mother fuckers.

    ReplyDelete
  4. අපේ මහින්ද ජනාදිපති නිදහස් කරපු රටේ මේ ද්‍රෝහී කොට ලපයා කොට කලිසන් ගහගෙන ඈවිදිනවා.....තුහ්හ්.....ගල්කටස් මේ මිනීමරුවොද අධ්යාපන ප්‍රතිසන්ස්කරන කරන්නේ ??? ......අද ගල්කටස් ජෙප්පෝ එහෙන් නන්දනව මරලා දෑම්මා.....මේ ජෙප්පොන්ව පන්නමු ලන්කාවෙන්ම ..

    ReplyDelete
Previous Post Next Post