කෝටි හයක නීති විරෝධී දේපල අත්හිටුවයි...

 


ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර වත්කම් උපයාගෙන ඇති බවට නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විර්මශනයක් සිදුකර ඇත.

එහිදී අදාල පුද්ගලයා විසින් ඔහුගේ බිරිඳගේ නමින් නීති විරෝධී ලෙස උපයාගන්නා ලද මුදලින් මිලදීගෙන ඇති බවට සැකකරන රුපියල් කෝටි 03 කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කැබලි 03 ක්, ඒ තුළ ඉදිකර තිබූ නවීන මාදිලියේ තනි මහල් නිවසක් සහ ඇහැළියගොඩ රත්නපුර මාර්ගයට යාබද දෙමහල් ගොඩනැඟිල්ලක් සහිත පචර් 06 ක ඉඩමක් 2025.11.12 දින මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව ක්‍රියාවිරහිතකිරීමේ නියෝගයක් නිකුත් කර ඇත. 

එම දේපල සම්බන්ධයෙන් අවිස්සාවේල්ල ගරු මහාධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු 2026.02.18 දින දක්වා ක්‍රියා විරහිත කිරීමේ නියෝගය දීර්ඝ කර ඇත.

මෙම විමර්ශනයට අදාලව ඉහත සැකකරු 2025.11.12 දින සහ සැකකාරිය 2025.11.21 දින නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇත.

සිදු කරන ලද විමර්ශනයේදී මෙම සැකකරු හා සැකකාරිය විසින් මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මත්පැන් ජාවාරම තුළින් උපයා ගන්නා ලද මුදල් යොදවා ඔවුන්ගේ දියණියගේ ස්වාමි පුරුෂයාගේ නමින් මිළදී ගෙන තිබූ රුපියල් මිලියන 20 කට අධික වටිනාකමකින් යුත් නවීන පන්නයේ දෙමහල් නිවසක් සහිත පචස් 11.6 ක ඉඩමක් හා රුපියල් මිලියන 12 ක් වටිනා කාර් රථයක් සඳහා 2026.01.21 දින සිට මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත ප්‍රකාරව දින 07 ක කාලසීමාවක් ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇත.

නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Previous Post Next Post