මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමාජ අවශ්‍යතාවයක්...- මාලිමා මන්ත‍්‍රීනී

 


අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යනු එක් රැයකින් හෝ තනි පුද්ගලයෙකුට සිදුකළ හැකි කාර්යයක් නොව, එය සමස්ත ප්‍රජාවගේම සහභාගීත්වයෙන් සිදුවන සාමූහික ක්‍රියාවලියක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හසාරා ලියනගේ මහත්මිය අවධාරණය කරයි.

උත්සව සභාවක් ඇමතීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකිරීමට අපේක්ෂිත මෙම පරිවර්තනීය ක්‍රියාවලිය තුළ විවිධ මතවාද හා කතිකා ගොඩනැගීම ස්වභාවික ලක්ෂණයක් බවයි.

වර්තමානයේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සමාජය තුළ කතාබහට ලක්ව ඇති කරුණු පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයන් සිදුකිරීමට පියවර ගෙන ඇති බවත් මන්ත්‍රීවරිය මෙහිදී සඳහන් කළාය. 

සමාජ අවශ්‍යතාවයන් මනාව හඳුනාගනිමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම රජයේ අරමුණ බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

අධ්‍යාපනය වැනි අතිශය සංවේදී විෂය පථයක් දේශපාලන වාසි තකා භාවිත කිරීමට ඇතැම් පාර්ශව උත්සාහ කරන බවට චෝදනා කළ මන්ත්‍රීවරිය, විපක්ෂයට අධ්‍යාපනය යන සාධකය අවියක් කර ගැනීමට ඉඩ නොතබන බව ද දැඩිව අවධාරණය කළාය.

මෙම ක්‍රියාවලිය හුදෙක් දේශපාලන තීන්දුවක් නොව, රටේ අනාගත පරපුර උදෙසා ඉටුකළ යුතු අත්‍යවශ්‍ය සමාජමය වගකීමක් බව ද හසාරා ලියනගේ මහත්මිය මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

5 Comments

  1. සාප වේවා!January 4, 2026 at 6:40 AM

    කොයි සමාජෙටද මෙහෙම ඒවා ඕන උනේ? ආප්ප ගහන්නයි බඩු ගහන්නයි පුරුදු කරලා, අයිස්, කොකේන් ගෙන්නලා ළමයි විනාශ කරාට පස්සේ රටට මොකද වෙන්නේ? උඹලට නෙමෙයි, ඡන්දෙ දීපු උන්ටයි හෙන ගහන්න ඕන. මොකද මෙහෙම වෙනවා කියලා අපි කලින් කිව්වා. ඒ වුනාට කමක් නෑ අපි නම් මාලිමාවට කියලා දුන්නේ.

    ReplyDelete
  2. කසාදයක් කරගෙන නැති, දරුවෙක් මල්ලෙක් නැති, ගල් බාන්නයි ආප්ප ගහන්නයි පුරුදු උන උඹලාට තමා ප්රතිසංස්කරනේ අවශ්ය.

    ReplyDelete
    Replies
    1. වෑල්ඩින් ආචාර්ය - ජාතික කුරුස පෙරමුණJanuary 4, 2026 at 7:01 AM

      එහෙම කියන්න එපා. ගල් බාන්නෙ නැති, ආප්ප ගහන්නෙ නැති අයට රූම් යන්න 5000ක් දෙනවා. අපේ පක්ශෙන් එහෙම කොටසකට විතරක් සලකලා නිකන් ඉන්නෙ නෑ. සමාජවාදය කියන්නේ හැමෝටම එක විදියට සලකන්නේ.

      Delete
  3. ආන්ඩුවේ වලත්තක්ම් පි‍ටු දැකීමේ පෙරමුණJanuary 4, 2026 at 6:54 AM

    6 වසරේ ළමයින්ට මෙහෙම බලු වැඩ කරන්න උඹලා මොක්කුද? ඒ පොඩි උන්ට ඕන උනේ ඔය වගේ වලත්තකම් ඉගෙන ගන්නද නැත්තන් තාක්ශණ කාරනා වැඩිපුර ඉගෙනගෙන අඩු කාලයකින් ඉගෙන ගන්න කාලේ ඉවර කරලා ලස්සන ජීවිතයක් ඉක්මනට හදා ගන්න එකද? මේ රටේ ඉන්න මෝඩ හැත්ත ඡන්දෙ දුන්නේ රාජපක්ශලගෙන් පලි ගන්න. දැන් සැපද කියල තමයි අහන්න වෙන්නේ.

    ReplyDelete
  4. හසාරලට දැන් ඉතින් ඉස්සරහට සිසාරා සැත්කමක් කරලවත් ඵලියට ගන්න දරුවන් නැති කරගන්න ඵකද සමාජ අවශ්‍යතාවය.ගොබ්බ නීච කාන්තාවක් ලෙස අප ඔබව දකිනවා.

    ReplyDelete
Previous Post Next Post