ශ්‍රී පාද වන්දනාවේ පැමිණි සංචාරකයන්ට බඹර ප්‍රහාරයක්...

 


ශ්‍රී පාදයේ සංචාරයක් පැමිණි ජර්මන් ජාතිකයෙක් ඇතුලු ඔහු සමග පැමිණි ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකුට (21) දින බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බව නල්ලතන්නි පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.

83 හැවිරිදි ජර්මන් ජාතිකයා වස්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයකට පැමිණ එහි සිටි පිරිසක් සමග (21) දින හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාද මළුව දක්වා ගමන් කරන අවස්ථාවේ ගොලුතැන්න ප්‍රදේශයේදි පස්වරු 2;00ට පමණ මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇති බවත්, ඉන් තුවාල ලැබූ විදේශිකයා ඇතුලු 06 දෙනා  රතු අම්බලම ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටින පොලිස් නිළධාරින් නල්ලතන්නිය වෙත රැගෙන විත් 1990 සුවසැරිය ගිලන්රථය මගින් මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කල බව පොලිස් ස්ථානාධිපතවරයා පැවසීය.

තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

මේ අතර, මස්කෙළිය බ්‍රවුන්ලෝ වතුයායේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් 05 දෙනෙකුටද (21) දින දහවල් බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්, ඉන් තුවාල ලැබූ වතු කම්කරුවන් 05 දෙනෙකු මස්කෙළිය ප්‍රා දේශීය රෝහල වෙත ඇතුලත් කල බව එම වතු යායේ පාලන අධිකාරියේ නිළධාරියෙකු ලැවසීය.

පවතින අදික වියලි කාලගුණයත් සමග රූස්ස ගස්වල බැද ඇති බඹර කුඩුවල වද කඩා ගැනිමට උකුස්සන් පහර දීම නිසා බඹරුන් ඇවිස්සි මෙසේ පහර දෙන බවයි පරිසවේදීන් කියා සිටින්නේ.

- රංජිත් රාජපක්ෂ              

Previous Post Next Post