ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පුටු මාරුවක්...

 


මෙරට වෛද්‍යවරුන්ගේ පැරණිතම සහ ප්‍රමුඛතම වෘත්තීය ආයතනය වන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) 132 වන සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා නිල වශයෙන් සිය ධුරයේ වැඩ භාරගෙන ඇත. සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම පත්වීම් උත්සවය කොළඹ ෂැන්ගිලා හෝටලයේදී පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව විශේෂ දේශනයක් පැවැත්වූ නව සභාපතිවරයා, සිය සේවා කාලය සඳහා "දේශීය සහ ගෝලීය හවුල්කාරිත්වයන් තුළින් ජාතියේ යහපැවැත්ම" යන තේමාව ප්‍රකාශයට පත් කළේය.

දේශීය මෙන්ම ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගනිමින් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම පරිපූර්ණ සෞඛ්‍යයක් සහ යහපැවැත්මක් ළඟා කර දීම සඳහා සංගමය මෙහෙයවන බව ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.

Previous Post Next Post