කුණාටුවේ හානිය වැලකුවේ නැතැයි කැබිනට්ටුවට එරෙහිව උපරිමාධිකරණයේ නඩු දමයි...

 


'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්වය අවම කරගැනීමට අවශ්‍ය පියවර ගැනීමට රජය අපොහොසත් වීම තුළින් මහජනතාවගේ සහ තමන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මහනුවර ප්‍රදේශයේ පදිංචි නීතිඥ කීර්ති බණ්ඩාර කිරිදෙන මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් සහ ජාතික ආපදා කළමනාකරණ කමිටුවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරු කියා සිටින්නේ මහනුවර අධිකරණ සංකීර්ණයට යාබදව පිහිටි සිය නීතිඥ කාර්යාලය පසුගිය දිනවල ඇති වූ සුළි කුණාටු හා ගංවතුර තත්වය හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වූ බවයි. මේ හේතුවෙන් සිය පරිගණක පද්ධතියේ තිබූ වැදගත් දත්ත රැසක් විනාශ වී ඇති බවත්, එය සිය වෘත්තීය කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ආපදා තත්වයක් ඇති වීමට පෙර ගත යුතු පූර්ව ආරක්ෂිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් දැක්වූ නොසැලකිලිමත්භාවය සහ රාජකාරිය පැහැර හැරීම මෙම දැවැන්ත විනාශයට සෘජුවම බලපා ඇති බව පෙත්සම්කරු අවධාරණය කරයි. රජය නිසි පූර්ව සූදානමකින් කටයුතු කළේ නම් සිදුවූ හානිය අවම කරගැනීමට අවස්ථාව තිබූ බව පෙත්සමෙහි සඳහන් වේ.

විශේෂයෙන්ම කොත්මලේ ජලාශයේ ජලය මුදාහැරීමට පෙර ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට බලධාරීන් පියවර ගත්තේ නම්, ගම්පොළ ගලහ පේරාදෙණිය මහනුවර සිදු වූ දැවැන්ත ජල ගැලීම් හා හානි වළක්වා ගැනීමට හෝ අවම කරගැනීමට හැකියාව තිබූ බව පෙත්සම්කරු වැඩිදුරටත් කියා සිටී.

වගඋත්තරකරුවන්ගේ මෙම නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් තත්ත්වය තවදුරටත් උත්සන්න වී ඇති බැවින්, එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී

4 Comments

  1. රජයේ ඇමතිවරයෙක් කිව්වා ඒ වැස්ස
    කොත්මලේ ජලාශය 10 පාරක් පුරවන්න තරම් සැරයි. ඒ නිසා කොත්මලේ ජලාශය කල්වේලා ඇතුව හිස් කෙරුවාට වැඩක් වෙන්නෙ නැහැ කියලා. නමුත් ඒක වෙලාවට හිස් කරලා තිබුණා නම් මහවැලි ගඟේ ජල මට්ටම 10% වඩා අඩු කරගන්න තිබුණා. එහෙම වුණා නම් සිදුවුණ විනාශය 90% ක් අඩුවෙනවා.

    ReplyDelete
    Replies
    1. වෑල්ඩින් ආචාර්යJanuary 1, 2026 at 1:02 PM

      කොයි රජයේ ඇමතිද එහෙම කිව්වේ? මල්වතු ඔය මඩකලපුවට හරවපු එකාද? වැහැපු එකට විපක්ශෙ තමයි වැරදි කියපු එකාද? රිලව් ගනන් කරපු එකාද? ලැම්බොගිනියක් අරන් දියව් කියපු එකාද? හොර බෙහෙත් ගෙනාපුවා එලි කරොත් මාධ්‍ය ලයිසන් තහනම් කරනවා කියපු එකාද?

      Delete
  2. රජයේ ඇමතිවරයෙක් කිව්වා ඒ වැස්ස
    කොත්මලේ ජලාශය 10 පාරක් පුරවන්න තරම් සැරයි. ඒ නිසා කොත්මලේ ජලාශය කල්වේලා ඇතුව හිස් කෙරුවාට වැඩක් වෙන්නෙ නැහැ කියලා. නමුත් ඒක වෙලාවට හිස් කරලා තිබුණා නම් මහවැලි ගඟේ ජල මට්ටම 10% වඩා අඩු කරගන්න තිබුණා. එහෙම වුණා නම් සිදුවුණ විනාශය 90% ක් අඩුවෙනවා.

    ReplyDelete
  3. Very good has to be done. They have no idea what to do anything with this country. They all are like high on drugs & incompetence people. They are destroying every aspect of country. Nothing changed at all except these idiots are acting like Jokers.

    ReplyDelete
Previous Post Next Post