කතරගම දේවාලයේ රත‍්‍රන් තොග විකුණා රජයට මුදල් දෙන්න යයි...


රුහුණු කතරගම මහා දේවාලයට බැතිමතුන් විසින් පූජා කරන ලද රන් භාණ්ඩ තොගයකින් කොටසක් අලෙවි කර, එමගින් ලැබෙන ආදායම ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ (Rebuilding Sri Lanka) අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

මෙම වැඩපිළිවෙළ යටතේ දේවාලයේ පවතින රන් සංචිතයෙන් දේව රූප සහිත පූජා භාණ්ඩ හැර, අනෙකුත් රන් භාණ්ඩවලින් සියයට හැත්තෑවක පමණ ප්‍රමාණයක් අලෙවි කිරීමට නියමිතය. 

මෙම අලෙවි කිරීමේ කටයුතු ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට සැලසුම් කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේවරයා සඳහන් කළේ, මෙම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය නීතිමය මඟපෙන්වීම් සහ උපදෙස් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා ඇති බවයි.

වසර දෙදහසකට අධික ඉතිහාසයක් ඇති මහා දේවාලයේ පුරාණ රන් සංචිතයන් අලෙවි කිරීමට සූදානම් වන බවට පැතිර යන පුවත් අසත්‍ය බව හෙතෙම අවධාරණය කළේය. 

මෙහිදී අලෙවි කිරීමට අපේක්ෂා කරන්නේ මෑත කාලීනව බැතිමතුන් විසින් දේවාලයට පූජා කරන ලද රන් භාණ්ඩ පමණක් බවත්, ඓතිහාසික වටිනාකමක් සහිත කිසිදු වස්තුවකට මෙයින් හානියක් සිදු නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

14 Comments

  1. ඔයිට වඩා හොදයි කාපියව් ගූ

    ReplyDelete
  2. රත්තරන් පූජා කරනකොට ලේඛනගත වෙනවා වගේම මතකයේ හැටියට රිසිත් පතකුත් නිකුත් කරනවා.ඒ රත්තරන් පූජා කළේ දෙවියන්ට.ඒ වගේම විශේෂ භාරහාර ඔප්පු කරන්න.එහෙම නැතුව එක එක හාල්පාරුවන්ට තමන්ට ලකුණු දාගන්න ඒවා විකුණන්න නෙමෙයි.ඒ වගේම රත්තරන් පූජා කරපු අයට තමන්ලා ඇකැමතිනම් මේ වැඩේට ආපහු දීපු රත්තරන් ටික ගන්න පුළුවන්කම ලැබෙන්න ඕන.මුන් මේ කරන්න හදන්නේ කුණු කොල්ලෙට වාහන වෙන්දේසි කරා වගේ යටින් ගානක් තියාගෙන තමන්ගේ හිතවතුන්ට රත්තරන් ටික විකුණල දාන්න.දැක්කනේ පහුගිය කාලෙ වෙන්දේසියේ ලක්ෂ පනස් ගානකට විකුණපු ජිප් එකක් පස්සේ ඒකම online ඇඩ් වල දාල තිබුණා දෙකෝටි ගානකට විකුණන්න.

    ReplyDelete
  3. NGO වලින් නඩත්තුවෙච්ච දේශපාලුවෝ දේවාලවල පන්සල්වල පිං කැටය මංකොල්ල කන්න යනවා. කතරගම දෙවියන්වහන්සේට ජනතා පූජාකරපු පඩුරු යායුත්තේ භාරකාර මන්ඩලයකින් සෘජුවම ජනතාවගේ සුභසිද්දියටයි.

    ReplyDelete
  4. දේවියන්ට පූජා කල භාණ්ඩ සියල්ලක්ම දේව භාණ්වේ. ආභරණ දේවාභරණ වේ... ඒවා සතුකරගත් කපුවකුට වූ ඉරණම මතකය. මේ ආණ්ඩුවද තව ටික දොහකින් දේව උදහසට ලක්ව පිස්සන්ගෙන් සමන්විත පිස්සු කෙලින ආණ්ඩුවක් බවට පත්වීමට නියමිතය.

    ReplyDelete
    Replies
    1. උඹලයි මහ එවුන් උංගෙ ගේ බරට දෙයියොන්ට රත්තරන් බෙදද්දි මිනිස්සුන්ගේ සල්ලි වලින් තොපේ කටවල් ලැට් ඇතුලෙද තිබ්බේ

      Delete
    2. තොට කවුද කිව්වේ මිනිස්සුන්ගේ සල්ලි කියල. නිකං බොරු නොකිය පල. කවුරුවත් අගු වෙන්නේ නෑ දැන් ඔය පච වලට.

      Delete
  5. පුන රුදාව

    ReplyDelete
  6. හොරෙන් බැංකු සුද්ද කරපු සෙට් එක, මහා දවල් දේවාලෙට දෙන්න යන්නේ. බඩු පැලවත්තට

    ReplyDelete
    Replies
    1. ඒ පට්ට අමාරුයිනේ දරාගෙන ඉන්න?

      Delete
  7. නිරාගමික සමලිංගික සෙට් එක හදන්නේ දේව විශ්වාසය බොරැවක් දේව භාන්ඩ වික්කම සාප කිසි දෙයක් වෙන්නෙ නැහැ ඒ නිසා බුද්ධාගම හා දෙවියන් විශ්වාස කරන්න එපා කියන මතය පතුරවන්න.

    ReplyDelete
    Replies
    1. දේව භාණ්ඩ විකුණනවා නෙවෙයි උත්තෝ තොපි කියනවා වගේ දේව සාපය නිසා කෙලවෙච්ච මිනිස්සුම ගොඩදාන්න ගන්නේ

      Delete
  8. ඒ කාලේ බස්නායක නිලමේ කෙනෙක් හිටියා, ඌ ආව ගමන් කිව්වේ දෙයියෝ ඉන්නෙ උඩ, ඔන්න ඔය රත්තරන් ටික ගෙනැල්ලා උඩදාපන් දෙයියොන්ටෝන ටික දෙයියෝ අල්ල ගනියි ඉතුරු ටික මගේ කියලා.
    උගේ නම සසීන්ද්‍ර රාජපක්ෂ... ඔන්න කැරියෝ

    ReplyDelete
  9. Ai yko anura kiwe athi wenne salli tiyenewa kiyala.. ethkota mewa ganne ai.... mewa thibuna vidihata thubna den... nuwarata una wage dakunath kelewa ganne hadanne... mun wa elewa danne oni...

    ReplyDelete
  10. meke thama me kalakin jvp unta kade yanne sakkili innewa... yako godayanne adara hamabuna kiwe puken da mona magulata dewal ewa ganne boru kera kalakkine

    ReplyDelete
Previous Post Next Post