සැකකරු වයස අවුරුදු 34 ක් වන කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුට එරෙහිව පහත අපරාධ චෝදනා සම්බන්ධව ගරු අධිකරණයන්හි නඩු පවරා ඇත.
- 2015 වර්ෂයේදී කෙසෙල්වත්ත පොලිස් වසමේදී තියුණු ආයුධය වලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම.
- 2018 වර්ෂයේ කොටහේන පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සඳහා ආධාර අනුබල දීම.
- 2021 වර්ෂයේදී මට්ටක්කුලිය පොලිස් වසමේදී තියුණු ආයුධ වලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම.
- 2021 වර්ෂයේදී කොටහේන පොලිස් වසමේදී ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීම.
- කෙසෙල්වත්ත, වේල්ල වීදිය, බ්ලූමැන්ඩල් යන පොලිස් වසම්වලදී කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම.
සැකකරු සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසාවගේ මෙහෙයවීම මත සිදු කරනු ලබයි.
