මෙම වසරේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250 ක් ස්ථාපිත කරන බවත්, මුලික රෝග පරීක්ෂණ රැසක් එකම උපකරණයකින් සිදු කළ හැකි උපකරණයක් හදුන්වාදීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි
මෙරට ජීවත්වන ජනතාවට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව සෞඛ්‍ය සේවා රැකවරණ පද්ධතියේ ප්‍රශස්ත ප්‍රතිලාභ වඩාත් සමීපව භුක්ති විදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා දිවයින පුරා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ වැඩසටහනේ නියමු ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මධ්‍යස්ථාන 42 ක් ජනතා අයිතියට පත් කිරිම අද 24 දිවයින පුරා දිස්ත්‍රික්ක 21 දී සිදු කෙරිණි.
නියමු ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික්කයේ කණන්විල සහ හීනටියන්ගල දී අද (24) පස්වරුවේ සිදු විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන “සුවපත් රටක් උදෙසා” (HEALTHY SRI LANKA) නව්‍ය වැඩසටහන යටතේ මෙම මධ්‍යස්ථාන පිහිටුවීම සිදු වේ.
රෝග හදුනා ගැනීම, ප්‍රතිකාර සහ පාලනය ශක්තිමත් කිරීම සදහා මෙම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ඉවහල් වන බව මෙහිදී පෙන්වාදුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රටපුරා දිස්ත්‍රික්ක 21 ක මෙවැනි මධ්‍යස්ථාන 42 ක් ආරමිභවීමත් සමග මේ වන විට ආරමිභ වු මධ්‍යස්ථාන ප්‍රමාණය 47 ක් වන බව ද පැවසීය.
මෙම ව්‍යාපෘතිය අද වනවිට ස්ථාවර තත්ත්වයකට පත්ව ඇති බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා ස්ථාපිත ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන සඳහා රටේ ජනගහනයෙන් 247,251 ක ජනතාවක් සම්බන්ධ කරගැනීමට කටයුතු සිදු වන බව ද පැවසීය.
මෙම ව්‍යාපෘතිය සඳහා දැනටමත් රුපියල් මිලියන 1500 ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවත් ඒ අනුව මෙම වසර තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක 19 ක එයටම ආවේණික සැලසුමකින් නව මධ්‍යස්ථාන 25 ක් ආරමිභ කරන බවත්, ඒ සඳහා රුපියල් මිලියන 750 ක් යොදවන බවද ඉතිරි මුදල් තවත් හදුනාගත් ස්ථානවල සුවතා මධ්‍යස්ථාන 175 ක් ස්ථාපිත කිරිමට පියවර ගනිමින් මෙම වසර තුළ ආරෝග්‍යා සුවතා මධස්ථාන 250 ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ද පැවසීය.
මෙරට බෝ නොවන රෝග වාර්තාවීම ඉහළ අගයක් ගන්නා බවත්, ඒ පිළිබද නියම සංඛ්‍යා ලේඛණ තවමත් නොවන බවත් පැවසු අමාත්‍ය්‍යවරයා රෝගීන් රෝහල් වලට වාර්තා වන විට ප්‍රතිකාර කළ යුතු මට්ටම අභිභවා ගොස් ඇති බව ද පැවසීය.
එම හේතුවෙන් එම රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නවීන මිල අධික උපකරණ හා ඖෂධ ලබාදීමට සිදුවන බවත්, එවැනි මිල අධික උපකරණ මිල දී ගත්ත ද බෝ නොවන රෝග නිසා සියයට 80 ක සියයට 85 ක ජිවිත අහිමිවන බව ද පැවසීය.
මෙම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන සඳහා මුලික රෝග ප්‍රතිකාර රැසක් එක් උපකරණයකින් සිදු කළ හැකි උපකරණයක් හදුන්වාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම නියමු ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 05 ක් 2025 වසරේ ස්ථාපිත කරන ලදි. ගාල්ල දිස්ත්‍රික්කයේ මාපලගම, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇත්ඔය, කළුතර දිස්ත්‍රික්කයේ තල්පිටිය, මහනුවර දිස්ත්‍රික්කයේ පොළගොල්ලවත්ත, මාතලේ දිස්ත්‍රික්කයේ ගන්කන්ද යන ප්‍රදේශවල එම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන පිහිටුවනු ලැබීය.
එම නියමු ව්‍යාපෘතියේ අත්දැකීම් පාදක කර ගනිමින් මෙම වසර තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි නව ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250 ක් ස්ථාපිත කිරිමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර, මේ සඳහා දැනටමත් රුපියල් මිලියන 1500 ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇත.
අද ජනතා සේවයට එක් වූ එම මධ්‍යස්ථාන පහත දිස්ත්‍රික්කයන් හී අදාල ප්‍රමාණයන්ගෙන් ස්ථාපිත කර ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 03 ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 02 ක්, කළුතර දිස්ත්‍රික්කයේ 03 ක්, නුවර දිස්ත්‍රික්කයේ 02 ක්, රත්නපුර 01 ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ 02 ක්, මාතර දිස්ත්‍රික්කයේ 02 ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ 02 ක්, මඩකළපුව දිස්ත්‍රික්කයේ 02 ක්, කල්මුණේ දිස්ත්‍රික්කයේ 01 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ 03 ක්, පුත්තලම දිස්ත්‍රික්කයේ 02 ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ 02 ක්, මොණරාගල දිස්ත්‍රික්කයේ 02 ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ 02 ක්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ 02 ක්, මාතලේ දිස්ත්‍රික්කයේ 01 ක්, අම්පාර දිස්ත්‍රික්කයේ 02 ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ 02 ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ 02 ක්, ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ 02 ක් වශයෙන් ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ජනතා අයිතියට පත් කෙරේ.
මෙම ආරෝග්‍යා සෞඛ්‍ය සුවතා මධ්‍යස්ථානය තුළින් ජනතාවගේ සෞඛ්‍යයට වගවන, වගකියන ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් රාශියක් ලබාදෙනු ලබන අතර, ජනතාවට වඩාත් සමීප, පහසුවෙන් ප්‍රවේශවිය හැකි ස්ථානයක ස්ථානගත කිරිම විශේෂත්වයකි. එමෙන්ම මෙම සෑම මධ්‍යස්ථානයකට ම පවුලේ වෛද්‍යවරයෙක්, ප්‍රජා සෞඛ්‍ය හෙද නිලධාරිනියක් ඇතුළු අට දෙනෙකුගෙන් යුත් සෞඛ්‍ය කාර්යමණ්ඩලයක් ද අනුයුක්ත කිරීමට ද නියමිතය.
එමෙන්ම ප්‍රජා සහභාගීත්වය සහ ප්‍රජා සංවිධාන මුලික කර ගනිමින් පවත්වාගෙනයාමට අපේක්ෂිත මෙම මධ්‍යස්ථාන තුළින් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ආවේණික හා හදිසි තත්ත්වයන් ආශ්‍රිතව මතුවන සියලු සෞඛ්‍ය ගැටළු නිරාකරණය කිරීමේ ක්‍රමවේදයන් ද ස්ථාපිත කිරීමට යෝජිත ය. විශේෂයෙන් ම මහජනතාව සෞඛ්‍ය පිළිබඳව සවිබල ගැන්වීම ද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් වේ.
බෝ නොවන රෝග හදුනා ගැනිම, ප්‍රතිකාර සහ පාලනය, පිළිකා කළින් හදුනාගැනිම, සුළු ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර, වැඩිහිටි සත්කාර, පුනරුත්ථාපන සත්කාර, සහන සත්කාර, ප්‍රාථමික අක්ෂි සත්කාර, මුඛ සෞඛ්‍ය සත්කාර, මානසික සෞඛ්‍ය සත්කාර සහ උපදේශන සේවා , පෝෂණ සත්කාර සහ උපදේශන සේවා, මධ්‍යසාර පුනරුත්ථාපන සේවා මෙන් ම උපදේශන, තරුණ හා යොවුන් සත්කාර සේවා, තෝරාගත් රසායනාගාර පරීක්ෂණ, ප්‍රජා බල ගැන්වීම ඇතුළුව ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා රාශියක් මෙම මධ්‍යස්ථානය තුළින් ජනතාවට ලබා දීමට නියමිතය.
මෙම අවස්ථාවට කනවිල කන්දේ ඉත්තෑපාන අමිතසිරි හිමි ඇතුළු මහා සංඝරත්නය, හොරණ සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, කළුතර ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි නන්දන පද්මකුමාර, හොරණ ප්‍රාදේශීය සභාවේ සභාපති නිර්මල ද සිල්වා, හොරණ නගර සභාවේ සභාපති අනිල් ඉන්දික, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හරිස්චන්ද්‍ර කුමාරවංශ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් (Dr. Rajesh Sambhajirao Pandav), බස්නාහිර පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත්, නියෝජ්‍ය පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුමල් නන්දසේන, කළුතර මහ නගර සභාවේ නගරාධිපති දනුජ් සෝමරත්න, කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නවීන්ද සොයිසා, ප්‍රාදේශීය ලේකම් කේ.ඩී.එස් සජීවනා, කණන්විල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි උමේෂ ධංජය, හීනටියන්ගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මධ්‍යස්ථානයේ වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය චේතනී ලක්ෂිකා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඊට ඉස්සර වෙලා තුන් දෙනෙක් මරපු එකට උත්තර දීල හිටපන්.
ReplyDeleteඒ උපකරණයේ නම පුලුවන්නම් කියපන්.මේකත් නිකන් උඹලගේ මහා එකා පඟර නැට්ටගේ කෙහෙල් නැට්ට හයි කරනවා වගේ කතාවක්
ReplyDeleteමේවා මූ කියන්නේ හරියට ක්මුහ්න්ගේඈන් පැලවත්තේ කයිය නායක ලා හොයාගත්තා දේවල් වගේ එහෙමත් නැතිනම් මූ මහා ලොකු විශේෂඥ දොස්තර කෙනෙක් වගේ යන්තම් MBBS දාගෙන ක්කොහේද දොස්තර කම් කරේ? ලෙඩ්ඩු බලා තිබෙන වාද?මහාචාර්ය චන්න ජයසුමන ගෙන් මුගේ ද්දැනුමේ තරම
ReplyDelete