අලුත් බද්දෙන් පොල්තෙල් මිල ඉහලට..


පාරිභෝගික අයිතින් සුරැකිමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනකරුවන් පාරිභෝගිකයින්ගේ පොල්තෙල් පරිභෝජනය කිරීමේ අයිතිය උදුරා ගනී.

විවිධ වූ ජාතීන් ජීවත්වන බහුවාර්ගික රටක් වන ශ්‍රී ලංකාවේ ජනතාවට ආවේනික වූ ආහාර සැකසීමේ රටාවක් ඇත. ඒ අනුව බහුතරයක් වූ පාරිභෝගිකයින් සිය ආහාර සකසා ගැනීම සදහා පොල්තෙල් භාවිතා කරනු ලබයි. ඒ නිසාම පොල්තෙල් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට නැතිවම බැරි ද්‍රව්‍යයක් වී ඇත.

මෙසේ තිබියදී ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්තියට අනුව මෙම අප්‍රේල් පළමුවෙනිදා සිට වෙළදපොලේ  පොල්තෙල් මිල වැඩි වීමට නියමිතය. එසේ විමෙන්  මේ රටේ පාරිභෝගිකයන්ට පොල්තෙල් මිලට ගැනීමට සිදුව ඇත්තේ වැඩි මිලටය.  එහෙත් ඒ වන විට වෙනත් පාම්තෙල් මෙන්ම වෙනත් තෙල් වර්ග වෙළදපොල තුළ සුලබ වීම නැවැත්විය නොහැක. එපමණක් නොව වෙනත් තෙල් වර්ග කවළම් කරන ලද පොල්තෙල් ද වෙළදපොල තුළ දැකගත හැකි විය හැක.

පාරිභෝගිකයින් හැටියට අපි රජයෙන් හැමදාම ඉල්ලා සිටියේ පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට පිරිසුදු පොල්තෙල් මිලදී ගැනීමට  අවස්ථාව ලබා දෙන ලෙසය. මෙරට පාරිභෝගිකයින්ගේ  ආහාර සංස්කෘතියට අනුව නිතර නිතර මස්මාලු හා වෙනත් ආහාර ගැඔුරු තෙලේ බැද ගැනීම සිදු කරනු ලබයි. එහෙත්  වෛද්‍යවරු පවසන්නේ ගැඔුරුතෙලේ ආහර පිසීම සදහා සුදුසු වන්නේ පොල්තෙල් පමණක් වන බවත්  පාම්තෙල් සහ  වෙනත් තෙල් වර්ග ආහාර ගැඔුරු තෙලේ බැදීම සදහා භාවිතා කිරීම ලෙඩ රෝග වලට අත වැනීමක් වන බවත්ය.

ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ පිරිසිදු පොල්තෙල් අඩු මිලට ලබා ගැනීමට පාරිභෝගිකයාට ඇති අයිතිය තහවුරු කරන ලෙසය.

ඒ අයිතියට වැට බදිනු ලබන්නේ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනකරුවන් බව පැහැදිලිව පෙනී යයි. එසේ වන්නේ අප රටේ පාරිභෝගිකයින්ට පරිභෝජනය කිරීමට අවශ්‍ය පොල්තෙල් නිෂ්පාදනය කිරීමට තිබෙන පොල්  මිලදී ගෙන ඔවුන් විසින් ‌‌ඩොලර් උපයා ගැනීම ගැනීම සදහා  පොල් ආශ්‍රිත නිෂ්පාද නිෂ්පාදනය කර  අපනයනය කිරීමයි. එහි ප්‍රතිඵලය වන්නේ මෙරට වෙළදපොලේ පොත්තෙල් හිගවීමයි. එමගින් පාරිභෝගිකයින්  පොල්තෙල් වෙනුවට වෙනත් තෙල් වර්ග පරිභෝජනය සදහා  තල්ලු කිරීමක් සිදු කරනු ලබයි.

එම නිසා අපි පැහැදිලිවම සදහන් කරනු ලබන්නේ ආනයනය කර හෝ දේශිය වෙළදපොලේ  අඩුම මිලට  මිලදී ගැනීමට හැකිවිය යුත්තේ පොල්තෙල් වන බවත් වෙනත් තෙල් වර්ග පරිභෝජනය කිරීම සදහා මෙරට පාරිභෝගිකයින් බලෙන් පෙළඔවීම නොකළ යුතු බවත්ය එසේ කිරීමට නොහැකි නම් පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීම නවතා දැමිය යුතුය.

 ස්තුතියි මෙයට 

රංජිත් විතානගේ - සභාපති

1 Comments

  1. මී හරක් රංචුවකට රැවටුන අයට විතරක් නොව අනෙකුත් පිරිසටද බදුබර හා බඩු හිගවීම කෙරෙහි සියල්ලෝම අවධානය යොමු කළ යුතුයි

    ReplyDelete
Previous Post Next Post