වෛද්‍ය වැඩ වර්ජනය පැවති පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා ඊට සමගාමී අන්දමට සමාජ මාධ්‍ය හා ප්‍රධාන ජනමාධ්‍ය භාවිතා කරමින් තමන් සම්බන්ධයෙන් අසත්‍ය හා සාවද්‍ය තොරතුරු ප්‍රකාශයට පත් කිරීම හා ප්‍රචාරණය සම්බන්ධයෙන් පුවත්පත් ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරුන් කණ්ඩායමකට එරෙහිව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකයට පැමිණිලි කොට ඇත.
වෘත්තිය සමති ඒකාබද්ධව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට ගනු ලැබූ තීරණයක් සම්බන්ධ වන පණිවිඩයක් වැරදි ලෙසට සමාජගත කරමින්, සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ තමාගේ ඡායාරූප භාවිතා කරමින් රජයේ වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය සමග ජන බලවේගී සහ එහි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහයෝගී සහ මෙහෙයවීම මත සිදුවන බවට වැරදි මත සමාජගත කිරීම හරහා ලක්ෂ සංඛ්‍යාත වෘත්තියවේදීන් හා සාමාන්‍ය මහජනතාව තුළ තමන් කෙරෙහි වැරදි මතයක් ජනගත කිරීමට කටයුතු කිරීම හා එමගින් සිදුවූ අපහාසවත්මක කටයුත්ත සම්බන්ධයෙන් ද, අදාළ තොරතුරු තම සමාජ මාධ්‍ය ගිණුම් හා ප්‍රරසිද්ධ සමාජමාධ්‍ය ගිණුම් තුළට ලබා දීම හා හුවමාරු කිරීම පරිගණක අපරාධ පනත අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වන බැවින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කොට අධිකරණය කටයුතු ආරම්භ කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල භාරදී ඇත.
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් වෛද්‍ය ප්‍රගිත් අතාවුද, ඇලයපත්තුව දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය අන්ජුල හේරත්, බලපිටිය රෝහලේ වෛද්‍ය ගයාන් අබේවර්ධන ඇතුළු අදාළ කාල සීමාව තුළදී වැරදි මත සමාජගත කළ වෛද්‍යවරුන් හා සමාජ මාධ්‍ය කණ්ඩායම් වලට එරෙහිව මෙම පැමිණිල්ල භාරදී ඇති අතර ඉදිරි කාලයේදී මේ සම්බන්ධව අධිකරණමය ක්‍රියාමාර්ග ලබා ගැනීම සඳහා නීතිඥවරුන් දැනුවත් කර ඇති බවද ඔහු සඳහන් කරයි.
විශේෂයෙන්ම ලේක්හවුස් වැනි රජයේ මාධ්‍ය ආයතනයක් මේ අන්දමට සාවද්‍ය සහ අසත්‍ය කරුණු ඇතුළත් ඡායාරූප සහ සමාජ මාධ්‍ය සටහන් ජාතික ප්‍රවෘත්ති ලෙස මාධ්‍ය ගත කිරීම බලවත් අගතියක් වන අතර එය ඉතා පැහැදිලිව රජය අපකීර්තියට පත් කරන සිදුවීමක් බවද ඔහු පෙන්වා දෙයි.
මෙම සම්පූර්ණ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා ජනාධිපතිවරයාගේ කඩිනම් අවධානය යොමු යුතු බවද වෛද්‍යවරයා සඳහන් කරයි.

Doctors can not be strict
ReplyDeleteWe also should file a case against the sanjeewa mis using critical service that maintain public money
Doctors strike is dangerous direct affecting human life
It is a murder case
But when in opposition your voice was different, dear Jepp
Delete