නොරොච්චෝලේ බලාගාරයට මෑතකදී ලබාදුන් ගල් අඟුරු තොගයේ අඩංගු විය යුතු තාප ශක්ති ධාරිතාව (Calorific Value) ප්‍රමාණවත් නොවන බව විද්‍යාත්මක පරීක්ෂණ මගින් තහවුරු වී ඇත.
සැපයුම්කරු විසින් ලබාදුන් ගල් අඟුරු සාම්පල ඉන්දියාවේදී පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු මෙම තත්ත්වය අනාවරණය වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව, ගිවිසුම්ගත ප්‍රමිතිය උල්ලංඝනය කිරීම වෙනුවෙන් අදාළ සමාගමට එරෙහිව දැඩි මූල්‍ය දඩයක් පැනවීමට බලධාරීන් පියවර ගෙන ඇත.
මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කිසිදු දෝෂයක් සිදුව නොමැති බවයි.
ගොඩබාන ලද ටොන් 60,000ක ගල් අඟුරු තොගයෙන් ලබාගත් සාම්පලවල තාප අගය අවම මට්ටමක පැවතීම හේතුවෙන්, නීතිරීතිවලට අනුව දෙගුණයක දඩ මුදලක් අය කර ගැනීමට නියමිත බව හෙතෙම අවධාරණය කළේය.
මෙරටට ගොඩබෑමෙන් පසු සිදු කරන පරීක්ෂණවලදී ප්‍රමිතිය හීන බව ඔප්පු වුවහොත්, අනිවාර්යයෙන්ම ඊට අදාළ වන්දිය සැපයුම්කරු විසින් ගෙවිය යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා චෝදනා කළේ, ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු මෙරටට ගෙන්වීම හරහා රජයට රුපියල් කෝටි දහසකට ආසන්න දැවැන්ත මූල්‍ය අලාභයක් සිදු වී ඇති බවයි.

Nalinda's washing has failed, still very smelly
ReplyDeleteනැවෙන් ගොඩබාන්න කලින් සාම්පල් එකක් ටෙස්ට් කරන්නේ නැද්ද හා?
ReplyDelete